Tuesday 4 August 2015

හිටපු කොටි 9ක් මැතිවරණ තරග බිමේ- ජාතික ආරක්ෂාව අනතුරේ ?


කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන් ඇතුළු එම සංවිධානයේ හිටපු සාමාජිකයින් නම දෙනකු ලබන 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා තරඟ කරන බව ‘‘ ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’’ පුවත්සේවය ඉරිදා (03) වාර්තා කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්ති පක්ෂය යනුවෙන් පිහිටවු නව සන්ධානය යටතේ යාපනය හා කිලිනොච්චි දිස්ත‍්‍රික්ක සඳහා මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයින් තරඟ වදින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ප‍්‍රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන්ට අමතරව රාසයියා තර්මකුලසිංහම්, කාලිකුට්ටි සුබ‍්‍රමනියම්, කුමරවේලූ අකිලන්, තංගරාසා දේවදාසන් , විනයාගසුන්දරම් මෝහනසුන්දරම්, වීරන් ශක්තිවේල්, සිවගුරු මුරුගදාස්, නඩේසපිල්ලෙයි විධ්‍යාදරන් යන පිරිස මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරඟ වඳින අපේක්ෂකයින් වෙති.

No comments:

Post a Comment