Sunday 2 August 2015

රනිල් අටවන උගුල් සහ කෙටුම්පත්




කුඹුර කොටනකොට පණුවෝ මැරෙනවානේ... ඉතින් පණුවෝ මැරෙනවා කියලා අපේ ගොවීන් කුඹුරු කොටන්නෙ නැතුව හිටියොත් බඩගින්නෙ මිනිස්‌සු මැරෙනවා. වැඩක්‌ නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්න හුඟක්‌ දෙනකුට වැඩ කරන මිනිහගෙ වැරදි විතරයි පේන්නෙ

.නායකයෝ උනත් පෘථග්ජන අයනෙ. නොයෙක්‌ වැරදි අඩුපාඩු සිදුවෙන්න පුළුවන්.

මේ ඇත්ත අපේ රටේ ජනතාව මෙන්ම බලයට කෑදරකමට පිල්මාරු කරන අපේ දේශපාලනඥයන් අවබෝධ කර ගන්න ඕනේ. ජාත්‍යන්තරව කෙලින් කටයුතු කරන රට ජාතිය ගැන අවබෝධයක්‌ හා කැක්‌කුමක්‌ තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට. එතුමා හැර වෙන දේශ හිsතෛෂී නායකයෙක්‌ නෑ. අපිටත් නායකකම් කරන්න පුළුවන්. ඒ වුනාට ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණවලට හසු නොවී නිර්භයව කටයුතු කරන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පමණයි. එයාව ජයග්‍රහණය කරවන්න බුලත් කොලයට ඡන්දය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි - කුමාර වෙල්ගම

පසුගිය ජනවාරි 8 දින පැවැති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය සමඟ ජාතික ආණ්‌ඩුවක්‌ හදන්න සූදානම් වන අවස්‌ථාවේ ඊට එරෙහිව ජාතික ආණ්‌ඩු සංකල්පයට විරුද්ධව එදින රැස්‌වීමෙන් නැගිට එළියට ගිය ශ්‍රීලනිප ප්‍රබලයකු වූයේ කුමාර වෙල්ගම මහතා ය. ජාතික ආණ්‌ඩුවක සාමාජිකයකු නොවන්නට හේතුව හා වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව අපි වෙල්ගම මහතා සමඟ කෙලින් කතා කළෙමු.

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරයකු ලෙස වසර 33 ක්‌ කටයුතු කර තිබෙනවා. එයින් වසර 22 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌. අප රට නැවත වතාවක්‌ අනතුරට පත්වෙමින් තිබෙනවා. අයි. එස්‌. ත්‍රස්‌තයන් රට තුළ සිටිය හැකි බව බුද්ධි අංශ විශ්වාස කරනවා. උතුරට ස්‌වයං පාලන අයිතියක්‌ ඉල්ලනවා. මේ හැම දේටම ජාත්‍යන්තරය උදව් කරනවා. අපේ විරුද්ධ පක්‍ෂයේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා අපේ රට ආරක්‍ෂා කරයි කියල විශ්වාස කරන්න පුළුවන්ද? 2001 දී මේ රටේ විධායක ජනපතිනිය චJද්‍රිකා බණ්‌aඩාරනායක මැතිනිය. එතුමිය සිටියදී ඇගේ බලය තුට්‌ටුවකට මායිම් නොකර රනිල් වික්‍රමසිංහ මහතා එදත් ගිවිසුම් අත්සන් කළා. ඒ එදා ඔහුට විධායක බලයක්‌ නැතිව. ඔහු මේ රටේ විධායක අගමැති ලෙස පත් කර ගතහොත් වියහැකි දේ කියන්න අවශ්‍ය ද?

ඔබ එහෙම කිව්වත් මහින්ද රාජපක්‍ෂ මහතා වරදකරුවෙක්‌ කරන්නබොහෝ අය උත්සාහ කරනවා. ඔබ කියන්නේ ඔහු අතින් වැරැදි සිදුවෙලා නෑ කියලද?


නායකයෝ උනත් පෘථග්ජන අයනෙ. නොයෙක්‌ වැරදි අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. කුඹුර කොටනකොට පණුවෝ මැරෙනවානේ... ඉතින් පණුවෝ මැරෙනවා කියලා අපේ ගොවීන් කුඹුරු කොටන්නෙ නැතුව හිටියොත් බඩගින්නෙ මිනිස්‌සු මැරෙනවා. වැඩක්‌ නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්න හුඟක්‌ දෙනකුට වැඩ කරන මිනිහගෙ වැරදි විතරයි පේන්නෙ.

කොහොම උනත් අපි වැරදි හදාගෙන අඩුපාඩු නිවැරැදි කරගෙන කටයුතු කරන්න අවශ්‍ය සැලසුම් හදල තියෙනවා. එතුමා දැන් පවුලේ අයත් දේශපාලනයට සම්බන්ධ කරගන්නා එක අඩු කරලා. එතකොට පවුල් දේශපාලනයක්‌ ඇතිවෙන්නේ නැහැනේ. ඒ අඩුපාඩු හදාගෙන ජනතා හඬට කන් දීලා කටයුතු කරන්න මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment