Tuesday 11 August 2015

රජය පල්ලි කෝවිල් ගිනි තියයි මිනි මරයි - කොටින්ගේ ජාත්‍යන්තර පැමිණිල්ලක්


කෝවිල් සහ පල්ලි වනසමින් දිගටම ද්‍රවිඩ ජනතාව ඝාතනය වන බව දක්‌වමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි සංදේශයක්‌ යවා ඇත.

මේ සාවද්‍ය තොරතුරු ඇතුළත් සංදේශයෙන් ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ඉතා සැලසුම් සහගත ලෙස ද්‍රවිඩ ජනතාව මරා දමන බවත් මෙකී ලිපිය එවන අවස්‌ථාව දක්‌වාම එවැනි ඝාතන සිදුවන බවත් ය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙසත් ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙසත් ඔහු එකී සංදේශයෙන් ඉල්ලා ඇත.

උතුරු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රින් 33 දෙනකු ද ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය වීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටින බව සිවාජිලිංගම් එම සංදේශයෙන් දන්වා තිබේ.

No comments:

Post a Comment