Sunday 23 August 2015

ජාත්‍යන්තර රණවිරු දඩයම එලි දකියි

රට බේරා ගත් රණවිරුවන් දඩයමට ඉඩදී මෛත්‍රී යාපනයේ සැරිසරයි.දෙමල වැසියන්ට අධි අරකක්ෂිත කලාපයේ පිහිටි ඉඩම් වීරයකු ලෙස පිළිගන්වයි.නමුත් සියලු දෙනාට අමතකව ගොස් ඇති සත්‍යය නම් මේ සියලු දීමන දෙමල වැසියන්ට දීමට මෙන්ම උතුරට  නිදහසේ යාමට ඔබ සැමට හැකිව ඇත්තේ මහින්ද සහ රණවිරුවන්ගේ ජයග්‍රහනයයි.දැන් ඔබලාට ඇත්තේ යුධ බියෙන් තොර දේශයක ,සංවර්ධනයේ මාවතට පිවිසි රටක් ලෙස මහින්ද ගොඩ නැගු රට වැඩ කිඩ දමමින් එක දමාගන්නට කටයුතු කිරීමය.එක අතකින් මෛත්‍රී දෙවත්වයටත් මහින්ද දුෂ්ටයකු ලෙසත්  සුළු ජනය හිතනු ඇත.නමුත් සත්‍ය එය නොවන බව මෛත්‍රී ඔබ හොදින්ම දනියි .ඔබට නොලැබුණු අගමැතිකමේ වෛරය ඔබ පිරිමස ගන්නේ මහින්දට නිගා කරමින් බව ප්‍රසිද්ද රහසකි.යුධයක් තිබුණා නම් ඔබ සම්පුර් වල ඉඩම් කෙසේ බෙදන්නද ?දෙමල වැසියන්ට කතා කරන්නට තියා,යාපනයේ දුහුවිල්ලක් පා ගන්නට ඔබලාට නොහැකි වනු ඇත. මෛත්‍රී ජනාධිපතිතුමනි ,රනිල් අගමැතිතුමනි  දැන් ඔබට ඇත්තේ සියලු යටිතල පහසුකම් සපිරි ,සවර්ධන ව්‍යපෘති ලක්ෂ ගණනින් සිදු කල,සුමට මාවතක රට රැගෙන පැද යාම පමණි.යුධයක් නොමැති නිසා ඉතිරිවන බිලියන ගණන් මුදල් වීරයන් ලෙස මහින්ද අවසන් කල ව්‍යපෘති වලට පොඩි ෂෝ පාරක් දමා,ඔබගේ චාම් උත්සවය පවත්වා ,මහින්දට ගරහමින් ඔබ දෙදනාගේ නම් යොදා ජාතියට වික්‍රමයක් කරන දීව්‍ය පුත්‍රයන් දෙදනකු ලෙස     නාමපලක දිගහැරීමයි.
ඔබත් රනිලුත් UNP යත් කොපමණ කල් ආණ්ඩු කලත් මහින්ද තිබු මහින්ද විසදු අභියෝගයට සමාන කිසිවක් මේ සිරිලක් පොළොවේ ඉදිරියට අපට දකින්නට නැත.කරුමයනම් ඔබලාට චුන් එකේ උතුරේ කරක් ගහන්නට පසුබිම සෑදු මහින්දට සහ රණවිරුවන්ට අද අත්ව    තිබෙන ඉරණමය.ඔබේ යහපාලනය යනු ඔබලාගේ හෙන්චයියන් පමණක් සිටින පාර්ලිමේන්තුවකි.එයට කදිම නිධර්ශනය නම් ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලියින් නැවත ඔබ පත් කිරීමයි .යහපාලනය කෙසේ වෙතත් මෙය යමපලනයයි කීම සර්ව සාධාරණ සත්‍යතාවයකි.  පහතින් පලවන්නේ ජාතික පුවත්පතක අද පළවූ පුවතකි 

ත්‍රිවිධ හමුදා උසස්‌ නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා
ශ්‍රී ලංකාවට එරෙහි එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විභාග කළ පරීක්‍ෂක මණ්‌ඩලය යුද, ගුවන් හා නාවික හමුදාවේ ප්‍රබල නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබේ.

ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් නොකළත් එකී සම්මුතියේ ඇති කොන්දේසිවලින් යුද අපරාධ චෝදනා එල්ලවූවන් එකී අධිකරණය වෙත ගෙනයා හැකි යෑයි අනාවරණය වී ඇත.


ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයේ මෙම වාර්තාව ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමුකිරීම ගැන එම වාර්තාව ප්‍රකාශයට පත්වූ අවස්‌ථාවේ තීන්දු කෙරේ.

එකී වාර්තාව මානව හිමිකම් කවුන්සලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එවීමට කටයුතු කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දන්වයි.

මේ අතර එකී විමර්ශන වාර්තාවෙන් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් දෙදෙනකු හා හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු ගැන ද විශේෂ කරුණු දැක්‌වීමක්‌ සිදුකර ඇත.

No comments:

Post a Comment