Thursday 6 August 2015

හිටපු කොටින්ගේ පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීම වැළකේ

හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීම සඳහා තෝරාගෙන තිබුණේ ප්‍රභාකරන් විසින් කබල් අවි කීපයක්‌ ඉන්දීය සාම හමුදාවට බාරදී රජිව් ගාන්ධි රැවටූ ස්‌ථානය යෑයි හෙළි වී ඇත.
මනිපායිහි පිහිටි සුදුමලායි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී එම මැතිවරණ ප්‍රකාශනය එළි දැක්‌වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.ප්‍රභාකරන්ගේ ප්‍රධාන රැකවලා වූ සිවනාදන් රවිනද්‍රා හෙවත් වෙන්ඩන් විසින් මෙම මැතිවරණ ප්‍රකාශනය එළි දැක්‌වීමට නියමිතව තිබූ බව වාර්තා වේ. එය චන්ද ගුන්ඩුවක් ලෙස  එක්සත් ජාතික පෙරමුණ මගින් නැවැත්වුවේ යැයි සිවිල් පෙරමුණු අදහසයි. 

No comments:

Post a Comment