Wednesday 5 August 2015

රන්ජන් සාහිත්‍ය කතා කොට නෝන්ඩි වෙයි

 මුනිදාස කුමාරතුංග මැතිතුමන් වළෙන් නැගිටින කථාවක් මෑතදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකදී අසන්නට ලැබිණි. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් හා උගතුන් යැවිය යුතු යැයි නැගෙන හඬ තවත් තීව්‍ර කරමින් පැවැති එම විවාදයේදී එජාප හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසූයේ ගෙවිඳු කුමාරතුංග මහතාගේ (සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක) පියා වගේ රටම පිළිගත් පඬිවරයකුට ඔබ අපහාස කරන්නේ. ඇයි ඔබ ඔබේ පියාවන කුමාරතුංග මහතාට අපහාස කරන්නේ? මෙවැනි ජාතිවාදී කථා කීම හරිදැයි ඔහු ඇසුවේය.
රන්ජන් නාට්‍යයක රඟ නොපාන බව තේරුම්ගත් ගෙවිඳු කීවේ මුනිදාස කුමාරතුංග මහතා මගේ සීයා යනුවෙනි. නියම රංගන ශිල්පියකු සේ රන්ජන් ඒ කථාවෙන් ලිස්සා ගියේය. මුනිදාස කුමාරතුංගගේ පුත් පුණු කුමාරතුංගගේ පුතා ගෙවිඳු කුමාරතුංග බව ඔහු දැන නොසිටියේය.

No comments:

Post a Comment