Monday 17 August 2015

මෛත‍්‍රීගේ පක්‍ෂය නායකත්වය බරපල අවිශ්වාශ කටයුතුයි..

අගමැති තනතුරට පවා සුදුසු යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන සභාපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මහලේකම් තනතුරුවලින් ඉවත් කිරීම තුළ පක්ෂ නායකත්වය පිළිබඳ විශ්වාසය බරපතළ අභියෝගයකට ලක්වන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එම ධුරවලින් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම පවතින නීතියට පිටින් ගොස් සිදුකළ කි‍්‍රයාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම මෙම එ්කපාර්ශ්වීය තීන්දුව ලබාදීමේදී එ් පසුබිමේ දෙමළ ජාතික සන්ධානයේ නීති උපදේශක කනගීෂ්වරන් මහතා සිටීම බරපතළ තත්ත්වයක් බවත් හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරයි.

තවදුරටත් මේ බව පැහැදිලි කළ හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු පවතින මැතිවරණ නීතිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ ගනුදෙනු කිරීමේ පූර්ණ බලය හිමිවන්නේ පක්ෂ මහලේකම්වරයාට පමණක් බවයි.

එ් අනුව මැතිවරණය සඳහා නියෝජිතයන් පත්කරනු ලබන්නේත් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පක්ෂ යාන්ත‍්‍රණය සම්බන්ධ නීතිමය තත්ත්වය හුවමාරු කරගනු ලබන්නේත් පක්ෂ මහලේකම්වරයා ය.

මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ මැතිවරණ කි‍්‍රයාවලියේදී මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සම්බන්ධ වී කටයුතු කළේ සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ය.

මෙම අධිකරණ තීන්දුව නිසා ඔහු මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කළ රාජකාරිමය ගනුදෙනු කිසිවකට කිසිදු බාධාවක් එල්ල නොවේ.

විශේෂයෙන් පක්ෂ මහලේකම්වරයකු අතින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය වේ නම් එ් සඳහා කි‍්‍රයාකළ යුතු ක‍්‍රමවේදයක් පවතී.

සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා හා අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීමේදී මෙම පිළිගත් ක‍්‍රමවේදය අනුගමනය කර නැත.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු පක්ෂ ලේකම්වරු සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවේ නම් පක්ෂ සභාපතිවරයා විසින් එය දැනුම් දිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට ය.

මැතිවරණ නීතියේ 13 වැනි වගන්ති ප‍්‍රකාරව එයට පෙනී සිටීමේ බලය ඇත්තේ ඔහුට බවත් හිටපු අගවිනිසුරුවරයා තවදුරටත් පැහැදිලි කළේය.

No comments:

Post a Comment