Sunday 28 October 2018

මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ? මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ? ඇයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..? ජෙය්ෂ්ට නීතිඥ ගාමිණි පෙරේරා පිළිතුරු දෙයි

Mr. Gamini Perera; Attorney at Law, 
is a Senior Legal Counsel and a Legal Consultant

Lankawaynews https://www.facebook.com/Lankawaynews/ ඔස්සේ ඔබ දුටු අගමැති මහින්දද - රනිල්ද යන්න පිළිබඳව අපගේ වීඩියෝව ලංකාවේ හා ලොව පුරා විසිරි සිටින දස දහස් ගණනින් මේ වනවිටත් නරඹා අවසන් . ඔවුන් අතරින් කිහිප දෙනකු හට ඇතිවී තිබෙන ගැටළු 3 ක් අප හඳුනාගෙන ඇත. 

ඒවානම් 

1. මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ?
2. මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ?
3. අයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..?
යනාදී වශයෙනි.

මේ සම්බන්ධයෙන් එකවර පැහැදිලි කිරීමක් කිරීම කාටත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවේ යන්න මගේ අදහසයි.
ඔබ දන්නවා ජනාධිපති ජේ. ආර් . ජයවර්ධන මහතා විසින් රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කල අතර අනතුරුව ජනාධිපති ඩී . බී විජේතුංග මහතා විසින් චන්ද්රිරකා බණ්ඩාරනායක මහත්මිය ටික කාලයකටද ඉන්පසුව ජනාධිපති චන්ද්රි.කා බණ්ඩාරනායක මහත්මිය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රනිල් වික්රුමසිංහ සහ පසුව මහින්ද රාජපක්ෂ මහතාද අගමැති ලෙස පත්කරන ලදී. ඉන්පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් රත්නසිරි වික්රනමසිංහ, දි .මු. ජයරත්න යන මහත්වරුන් අගමැති ලෙස පත් කරන ලදී. මෛත්රීතපාල සිරිසේන මහතා ජනාධිපති වූ වහාම රනිල් වික්රමමසිංහ මහතා අගමැති ලෙස පත්කළ අතර ඉන්පසුව පැවති මහමැතිවරණයෙන් පසුව විශේෂයෙන්ම 19 වන ව්යනවස්ථා සංශෝධනයෙන් පසුව නැවතත් රනිල් වික්ර මසිංහ මහතාව අගමැති ලෙස පත්කරන ලදී.

ඔබ ඔබගේ හදවතට එකගව මෙන්ම බුද්ධියට මුල් තැන දී සිතා බැලුවහොත් ඔබට මැනවින් තේරුම් ගැනීමට හැකිවේවි, ඉහත සඳහන් අගමැති වරුන් අතරින් සමහර අවස්ථාවන් වලදී, පත්කිරීම් සිදුකරනු ලැබුවේ අදාල පුද්ගලයා අයත් දේශපාලන පක්ෂයන් තුල මෙන්ම අනෙක් පාර්ලිමේන්තු මන්ත්රීී වරුන් අතරද නිසි එකගතාවයක් සැමවිටම පාහේ නොතිබූ අවස්ථාවන් තිබියදී බව පිළිගත හැකි වනු ඇති. අනිකුත් දෑ ගැන කුමන ව්ය්වස්ථා ප්රතතිපාදන වෙනස් වුවද එම සැම අවස්ථාවකදීම අදාල ජනාධිපතිවරයා විසින් අදාල පත්කිරීම කරනු ලැබුවේ නව ව්ය්වස්ථාව ඇතිකළ දින සිට අද දක්වාම නොවෙනස්ව පවතින පහත සඳහන් ව්යධවස්ථාවම යටතේ වීම, ඔබ නොදන්නවා විය හැකිය.

ඒ සෑම අවස්ථාවකදීම ව්යuවස්ථාමය ප්රrතිපාදනය එකක්ම විනි.ඒ කිසිම අවස්ථාවක එකී තීරණ වලට එරෙහිවීමට කිසිදු පක්ෂයක් හෝ පාර්ලිමේන්තු මන්ත්රී වරුන් කොටසක් ක්රි යා නොකරන ලදී. එසේ නොකරන ලද්දේ නීතිමය තත්ත්වය, ක්රි්යා පටිපාටිමය තත්ත්වය නොසැලී පැවතුනු හෙයින් බව සදහන් කරනු කැමැත්තෙමි.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එය පිළිගැනීමට සමස්ත ශ්රීා ලාංකිකයන්ට සිදුවනු ඇත්තේ ජේ ආර් ජයවර්ධන මහතා ස්වකිය සහෝදර නීති විශාදර එච් ඩබ්ලියු ජයවර්ධන මහතා සමග සැකසු 1978 ව්යරවස්ථාවේ පිහිටෙන් වීම ගැන කුමක් කිව යුතුදැයි යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.
එහෙයින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්කිරීම පුදුමසහගත තත්වයක් නොවන අතර අතීතය අශ්රිනතව ගනු ලැබූ නිත්යාහනුකුල තත්වයක් හෙයින් පාර්ලිමේන්තුව තුල හිස් ගෙඩි ගණනින් තම ශක්තිය පෙන්වීම ව්යමවස්ථානුකුලව අදාළ ක්රි යාවක් නොවන බව ස්ථිරවම සදහන් කල හැකිවේ.
එහෙත් ස්වකිය දේශපාලන මත්මතන්ත්රවලට අනුකුලව හා කැමැත්ත මත විවිධ අදහස් කියාපෑමට ඕනෑම අයකුට හැකියාවක් ඇතිමුත් ඉහතකී පුර්වාදර්ෂයන් හමුවේ නිතිය නොසෙල්වී ඇති හෙයින් එය තේරුම් ගැනීම ඕනෑම මද්යකස්ථ අයකුට දුෂ්කර කරුණක් නොවනු ඇති අතර එහෙයින් ඔවුන් කලබල නොවනු ඇත.
එහෙයින් විජයකලා සම්බන්ධ ප්රදශ්නය සාමාන්යි බුද්ධිය පාවිච්චිකර විසදා ගැනීමට හැකිවනු ඇත.
අනෙක මහින්ද රාජපක්ෂ මහතා ස්වකිය බලය පෙන්විය යුතුද යන්න ඉහත පැහැදිලිකිරිම තුල පිළිතුරු ලැබෙනු ඇත.
ඉහත තෙවන ප්ර.ශ්නයට පිළිතුරක් ලෙස කීමට ඇත්තේ, පරිපාලනම හේතුවක් මත හැර මේ අවස්ථාවේදී දේශපාලනික හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය 2018 නොවැම්බර් මස 16 වැනි දිනට කල් දැමීමට හේතුවක් නොමැති වන බව මගේ මතය බවයි.

No comments:

Post a Comment