Wednesday 3 October 2018

පොදුජන පෙරමුණේ නායකත්වයට සූදානම් - මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවසීය.

මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද (3) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

No comments:

Post a Comment