Saturday 13 October 2018

වතු කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඔවුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.Award of scholarships by the Ceylon Estate Workers’ Education Trust (CEWET)


ලංකා වතු කම්කරු අධ්‍යාපන භාරය (CEWET) වතු කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඔවුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. ආ.පො.ස උසස් පෙළ, උපාධි අපේක්ෂක පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ වෙනත් රජයේ කාර්මික විද්‍යාලවල වෘත්තීය / කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකිය.Image result for sri lanka state workers children education
අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය (අවම වශයෙන් සම්මාන සාමර්ථ 6ක්) හෝ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 25 ට අඩු සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ උප්පැන්න සහතිකය, ආ.පො,ස. සාමන්‍ය පෙළ ප්‍රථිපල ලේඛනය හෝ අ.පො.ස, උසස් පෙළ ප්‍රථිපල ලේඛනය, දෙමව්පියන්ගෙන් මෑතකදී ලබා ගත් වැටුප් විස්තර සහිත පත්‍රිකාව හා දෙමව්පියන්ගේ රැකියාව පිළිබඳ වතු අධිකාරීගෙන් ලබා ගත් සහතිකය යනාදීයෙහි චායාපිටපත්ද ලබා දිය යුතුය. කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය වන www.hcicolombo.org යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබාගත හැකිය.
අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, අංක 36-38, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයෙන් සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය, අංක 31, රාජෆිල්ලමාවත, මහනුවර යන ලිපිනයෙන්ද ලබා ගත හැක.
නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත් ගරු ලේකම්, ලංකා වතු කම්කරු අධ්‍යාපන භාරය, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය, තැ.පෙ. 882, කොළඹ 03 යන ලිපිනයට 2018 නොවැම්බර් 09 වෙනි දින හෝ ඊට පෙර එවිය යුතුය.

Award of scholarships by the Ceylon Estate Workers’ Education Trust (CEWET)

Applications are invited from the children of estate workers, for award of scholarships by the Ceylon Estate Workers’ Education Trust (CEWET). These scholarships are available for G.C.E. Advanced Level, Undergraduate courses and for students undergoing Vocational/Technical education in any other Government Technical Colleges in Sri Lanka.

Students who have passed G.C.E. Ordinary Level (with minimum 6 credit passes) or Advanced Level examination and below 25 years of age are eligible to apply for this scholarship. The completed applications forms must be accompanied by photocopies of birth certificate, result sheet of G.C.E ‘O’ Level or ‘A’ Level, latest salary slip of parents and Estate Superintendent’s certificate regarding parent’s occupation. Application forms could be downloaded at the High Commission of India, Colombo website www.hcicolombo.org
Application forms could also be obtained from the High Commission of India, 36-38, Galle Road, Colombo-03 and the Assistant High Commission of India, No.31, Rajaphilla Mawatha, Kandy.
Duly completed forms should reach the Honorary Secretary, CEWET c/o High Commission of India, P.O. Box 882, Colombo-03 on or before 9th November, 2018.

No comments:

Post a Comment