Saturday 20 October 2018

මාලී - ශ්‍රී ලංකා අණදෙන නිළධාරියා වහාම ඉවත් කරගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි .

මාලි  රාජ්‍යයේ  එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් 200 ක ප්‍රබල ශ්‍රී ලංකා බලඇණියේ අණ දෙන නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට  ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ඔහු  පිළිබඳ පසුබිම් වූ මානව හිමිකම් වාර්තාවක් මෙයට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි .

එක්සත් ජාතීන් වෙනුවෙන් ඒ  පිළිබඳව ප්‍රකාශ කළ ස්ටෙෆන් ඩුජාරික්  කියා සිටින්නේ  ලුතිනන් කර්නල් කලණ අමුණුපුර  කලබලකාරී  බටහිර අප්‍රිකානු මාලි  රටින් ඉවත් කිරීමට අදාළ  ඉල්ලීමට හේතුවට "මෑතකදී ලැබුණු  තොරතුරු" පදනම් කර ගත් බවයි. එහෙත් එම තොරතුරු කවරේද යන්න  පිළිබඳව අදාළ කිසිඳු විස්තරයක් හෝ කරුණු කවරේද යන්න මෙතෙක් ඔහු පැහැදිලි කර නැත .
The United Nations Security Council meets on the situation in Mali, Friday, Oct. 19, 2018 at U.N. Headquarters.
                                                                             Photo Credit :MANUEL ELIAS/THE UNITED NATIONS /AP

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් 200 ක ප්‍රබල ශ්‍රී ලංකා බලඇණියේ අණ දෙන නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ඔහු පිළිබඳ පසුබිම් වූ මානව හිමිකම් වාර්තාවක් මෙයට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි .

එක්සත් ජාතීන් වෙනුවෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කළ ස්ටෙෆන් ඩුජාරික් කියා සිටින්නේ ලුතිනන් කර්නල් කලණ අමුණුපුර කලබලකාරී බටහිර අප්‍රිකානු මාලි රටින් ඉවත් කිරීමට අදාළ ඉල්ලීමට හේතුවට "මෑතකදී ලැබුණු තොරතුරු" පදනම් කර ගත් බවයි. එහෙත් එම තොරතුරු කවරේද යන්න පිළිබඳව අදාළ කිසිඳු විස්තරයක් හෝ කරුණු කවරේද යන්න මෙතෙක් ඔහු පැහැදිලි කර නැත .


එහෙත් මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා අණ දෙන නිලධාරියා දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි 26 වසරක සිවිල් යුද්ධයේ අවසන් සමයේ 2009 දී යුධ අපරාධ සිදුකර ඇති බව,ජූලි මාසයේ දී "ගාඩියන්" පුවත්පතේ ලිපියක් පළකරමින් රහසිගත වාර්තාවකින් උපුටා ගත්තේ යැයි නම් සඳහන් කිරීමකින් තොරව සඳහන් කර තිබුණි .

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක සත්‍ය සහ යුක්තිය පිළිබඳ අන්තර්ජාතික ව්‍යාපෘතිය මගින් ඉහත රහස්‍ය වාර්තාව සකස් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල යෙදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින්ගේ නම් එහි ඇතුළත්ව තිබෙන බවට වාර්තා වේ .

No comments:

Post a Comment