Sunday 14 October 2018

LTTE ත්‍රස්ත විරෝධී සටනේදී සිවිල් ජනතාව 40000ක් පමණ මියයාවී යැයි කියා ඇත්තේ රනිල්.

රනිල් වික්‍රමසිංහ විදෙස් තානාපතීන් හමුවී යුද්ධය පාවාදීමට ගහපු ගැටේ මෙන්න.

LTTE ත්‍රස්ත විරෝධී සටනේදී සිවිල් ජනතාව 40000ක් පමණ මියයාවී යැයි කියා ඇත්තේ රනිල්. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය 2008 ජනවාරි 14 දින උදෑසන 11.30 ට වොෂින්ටනයට යැවූ 08COLOMBO62_a දරන කේබල් පණිවිඩයේ සටහන්ව ඇත.විකිලීක්ස් හරහා මතුව ගිය ඒ පණිවුඩය මෙන්න. එහි ඉතිරිය කියවා ගන්න,ලින්ක් එකත් මෙන්න.

ජාත්‍යන්තරයේ රට අපකීර්තිමත් කළ සංඛ්‍යා ලේඛනේ මෙලෙස අනුමානයක් ලෙස ඔහු ඇමරිකානු, යුරෝපීය සංගම්, ජපාන සහ නොර්වේ විදෙස් තානාපතීන් හමුවේ ලබාදී ඇත්තේ 2008 ජනවාරියේදී ය .

යුද්ධයේ නිමාවත් සමඟ සාමාන්‍ය ජනතාව 40000ක් මියගිය ජත්‍යන්තර ප්‍රවෘත්තිය නිර්මාණය වන්නේ රනිල් ගේ ඉහත අනුමාන බින්නය නිසා බව අද හෙළිදරව්වී ඇත. අද ජාත්‍යන්තරයේ මුල් බස ගත් විවිධ වාර්තාවල එන 40,000 අගය සදහන් කර ඇත්තේ මේ ප්‍රකාශය කරගෙනය. කෙසේ නමුත් මෑතකදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී නෙස්බි සාමිවරයා 2009 වසරේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සිට බ්‍රිතාන්‍යට යොමු කල ආරක්ෂක නිල වාර්තා උපුටා දක්වමින් පැවසුවේ LTTE ත්‍රස්තවාදීන්හා ශ්‍රී ලංකා හමුදාවන්ද සමඟ අවසන් සටනේදී මිය ගිය ගණන 7000 - 8000 ත් අතර පමණ බවයි .

No comments:

Post a Comment