Tuesday 2 October 2018

අගමැති රනිල්ගේ ඊනියා බොරුව ස්කොට්ලන්ත මාධ්‍ය හරහා ඔප්පු කරමි.

- දක්ෂිණ බෝධිනායක විසිනි

(වීඩියෝ ද අමුණා ඇත)
මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත ගමන නවත්වා අවසන් .පූජිත් ගේ මේ ස්කොට්ලන්ත ගමන නැවතීම පිළිබඳව සැප්තැම්බර් මාසේ 29 වැනිදා ස්කොට්ලන්තයේ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ තමන්ට ලැබෙන බාහිර බලපෑම් හේතු කරගෙන ඒවාට හිස නමමින් ස්කොට්ලන්තයට පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන්වාගැනීමේ සංචාරය අවලංගු කිරීම තීරණය කළ බවයි. නමුත් සැප්තැම්බර් මස 30 වෙනිදා සවස හතරයි 22ට ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරට ස්කොට්ලන්තයට යන්න එපා කී බවයි . නැතහොත් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත ගමන නවතා තිබෙන්නේ ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ බවයි. අද තවදුරටත් ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා පුවත තහවුරු කරමින් ටැමිල් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කරනවා




දෙමළ ජනතාවගේ ඉල්ලීම් සහ බලපෑම් මත පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ ස්කොට්ලන්ත ගමන නැවතුණු බව, සහ ඊට අදාළ කරුණු, මේ සමඟ ඇති screen shots මගින් ඔබට මෙතැනදී පැහැදිලිව කරුණු තහවුරු කරගත හැකියි . ඒ ස්කොට්ලන්තයට ලැබුණු දැඩි බලපෑම්, ඉල්ලීම් ඇතුළු ද්‍රවිඩ ඩයස්පෝරා බලපෑම්ය . විශේෂයෙන්ම MIA නමින් රැප් ගායිකාවක ලෙස ප්‍රසිද්ධ (ද්‍රවිඩ කොටි සාමාජිකයෙකුගේ දියණියක්) කාන්තාවක විසින් ගිය සතියේ ස්කොට්ලන්ත සිනමා ශාලාවල ප්‍රදර්ශන ය කරන ලද චිත්‍රපටයද මුලික හේතුවකි .ඇගේ ජීවිත කතාව හරහා කියන්නට උත්සාහ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමුල ඝාතනයක් සිදුවන බවය. මෙමගින් ස්කොට්ලන්ත ජාතිකයින් අතර මේ දිනවල ශ්‍රී ලංකාව පිලිබඳ කනගාටුදායක වැරදි ප්‍රචාරයක් පැතිරෙමින් පවතී. එහෙයින් පොලිස්පති පූජිත්ගේ පැමිණීමෙන් ඇතිවිය හැකි විරෝදතාවයට ස්කොට්ලන්ත ජාතිකයින්ගේද දැඩි සහයෝගයක් සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවේය යන්න ඇතුළු කරුණු සියල්ල සලකා බලා ඇති බව ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තාවෙන් ඔබට කියවා තේරුම් ගත හැක . මේ නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ ගමන ස්කොට්ලන්තයෙන්ම නැවතුණු බව ඉතාම පැහැදිලියි. ස්කොට්ලන්ත මාධ්‍ය උපුටා දක්වන පුවත පිළිබඳව අවධානය යොමු කරද්දී එය කොයි වගේද යන්න පිළිබඳව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. අගමැති රනිල් මෙවැනි දේවල් වලින් පවා වාසි ලබාගන්න මොනතරම් සුක්ෂම වී තිබේදැයි යන්න දැන් තේරුම් ගන්න .තමන් නිසා තමයි පූජිත් ස්කොට්ලන්තේ ගමන නැවැත්වුයේ ...පූජිත් ට මෙවලාවේ ස්කොට්ලන්තේ යන්න නොදී ඔහුට තියෙන පරීක්ෂණ කරවන්න තරම් තමන් සුපිරිසිදු චරිතයක් බව පෙන්වන්න රනිල් ගත්ත එක පොඩි උත්සාහයක් මේ . නමුත් මේ පහත ඇමුණුම් එක්ක රනිල් ගේ ඒ කෙප්පේ , අප හෙළිකර සිටින්නේ ඉතාම වගකීමෙන් .මෙන්න වේ විධියට තමයි හිතාමතාම ඔහු සත්‍යය වසන් කිරීම කප් ගහල තියෙන්නේ . තමන්ට ලැබෙන ජාත්‍යන්තර බලපෑම් අපකීර්තිය අවම කරගගැනීමට කොලේ වසා ගහන ගැහීම්. මේ අමුණා තිබෙන පින්තූර සටහන් වලින් ඔබට පුලුවන් පැහැදිලි කරගන්න. මෙන්න ලංකා ආණ්ඩුව වැටිලා තියෙන බංකොලොත් භාවය සහ ද්‍රවිඩ ඩයස්පෝරාවේ ජාත්‍යන්තර ශක්තිය. https://youtu.be/zsb1dgsFvpM - දක්ෂිණ බෝධිනායක



(ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා කල සත්‍ය
ලංකාදීප පුවත මෙහි අමුණා ඇත)



Sri Lanka’s police chief pulls out of controversial visit to Scotland

=================================================
A controversial visit to Scotland this week by Sri Lanka’s police chief has been cancelled at the last minute after organisers appeared to bow to external pressure. Sri Lanka’s Tamil minority has long accused police there of using torture to crush its independence movement. Inspector General Pujith Jayasundara was due to arrive in the UK today and spend the week at the Scottish Police College in Fife. His five-strong delegation was expected at Tulliallan Castle for talks on “the way that community policing is structured and delivered in Scotland”, a police spokesperson had said.
However, on Friday night the Foreign Office said “plans for the delegation have changed and the visit is now no longer going ahead next week”. The visit was set to be contentious. Green Party MSP and ex-policeman John Finnie said he was concerned by “the reputational damage that can flow from repressive regimes having any form of relationship with our much- respected police service”. Scotland on Sunday understands socialist group Tamil Solidarity was planning a demonstration during Jayasundara’s visit. Influential British Tamil rapper M.I.A. was also about to call for protests. Sri Lanka’s police continues to be dogged by allegations of torture. This year a UN expert highlighted “distressing testimonies of very brutal and cruel methods of torture”, noting the Tamil community was “stigmatised and feels disenfranchised”.
Last weekend a film about M.I.A.’s life launched in cinemas across Scotland, showing how the singer fled Sri Lanka’s civil war as a child before claiming asylum in the UK and building a career as an international superstar. She described the situation for Tamils in her homeland as “genocidal” and said: “I hope Scottish independence activists and leaders will protest the police chief’s visit because allowing the relationship between the Sri Lankan state and the Scottish government is not the will of the Scottish people.” She added: “In the wake of the Scottish independence referendum movement, it’s terrible to see such relationships against Tamil self-determination are allowed to flourish on Scottish grounds.” Environmental activist Tilly Gifford expected many Scots would have supported Tamil protests during Jayasundara’s visit. She said: “Scotland is not a shining example of community policing.
”Police Scotland said that: “All of the UK’s police assistance work in Sri Lanka is subject to robust risk assessment through the Overseas Security and Justice Assistance process.” A Scottish Government spokesperson said: “Any visit by foreign delegates to the Police Scotland training college is a matter for the Chief Constable.”

Read more at: https://www.scotsman.com/…/sri-lanka-s-police-chief-pulls-o…


අගමැති නියෝගය ගැන කියන ලංකාදීප පුවත-------------------------------------------------


අගමැති නියෝගයෙන් පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී
(ඉන්දිකා රාමනායක සහ ශි‍්‍රනාත් ප්‍රසන්න ජයසුරිය)
පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ස්කොට්ලන්යාඩ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.

මෙම ගමන සදහා රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතව තිබුණි.
මෙම වැඩමුළුව හෙට (1) දින සිට (7) වැනි දින දක්වා ස්කොට්ලන්යාඩි බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
-------------------------------------
මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 120 ක මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අමාත්‍යාංශයේ ති‍්‍රපුද්ගල කමිටුවක් හරහා සිදුකරන පරීකෂණය සහ පොලිස්පතිවරයා සහ පොලිසිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ඇති මතවාද සැලකිල්ලට ගෙන අගමැතිවරයා මෙම ගමන අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
----------------------------?
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම ගමන අත්හිටුවීම කථාව සත්‍ය බවයි.
තමාද, පොලිස්පතිවරයාද, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම් පත්මසිරි ජයමාන්න මහතා ද ප‍්‍රමුඛ නියෝජිතයින් පස්දෙනෙක් මෙම ගමන යාමට නියමිතව සිටි බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේ යාමට නියමිතව සිටියදී පොලිස්පතිවරයා ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීම ඇතුලූ කරුණු කිහිපයක් හේතුවෙන් මෙම වැඩමුළුවට යාම මෙය අවස්ථාවක් නොවන බවට අගමැතිවරයා දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


(MIA ද්‍රවිඩ රැප් ගායිකාවගේ ශ්‍රී ලංකා සමුල ඝාතන චිත්‍රපටයේ මුල් දැන්වීම)

No comments:

Post a Comment