Thursday 25 October 2018

දිවයින පුරා විසිරි සිටින දරුවන්ට සහභාගිවීමට අවස්ථාව ශංකර් ජාත්‍යන්තර ළමා රචනා/චිත්‍ර/සිතුවම් තරඟය 2019 නොවැම්බර් 17සෙනසුරාදා.

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුම් මාලාවේ කොටසක් ලෙස සහ ඉන්දියාවේ ප්‍රථම අගමැති පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමාගේ උපන් දිනය සමරන නොවැම්බර් 14 වනදාට යෙදෙන ළමා දිනයට සමගාමිව කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ශංකර් ජාත්‍යන්තර ළමා තරගය 2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා, 16/2 ග්‍රෙගරි පාර, කොළඹ 07 හි පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙහිදී පැවැත්වෙන සිතුවම්/චිත්‍ර/රචනා තරඟ සඳහා දිවයින පුරා විසිරි සිටින දරුවන් හට සහභාගි වීමට අවස්ථාව ඇත.

තම ජීවිත කාලය පුරාවට පෞද්ගලික සහ ප්‍රජා පවිත්‍රතාවය ක්‍රියාවෙන් පෙන්නුම් කළ සහ ප්‍රචලිත කළ එමෙන්ම ඒ සඳහා කැප වූ මහත්මා ගාන්ධිතුමාගේ 150 ජන්ම සංවත්සරය සමරන මේ මොහොතේ, රචනා/ චිත්‍ර/ සිතුවම් තරඟ සඳහා මාතෘකාව වන්නේ “පිරිසිදුකම දිව්‍යම ය වේ”. ශංකර් ජාත්‍යන්තර ළමා තරඟය 2019 තරඟාවලියේ රචනා/චිත්‍ර/ සිතුවම් යන තරඟ අංශ සදහා 2003 ජනවාරි 01 දින හෝ ඉන් පසුව උපත ලැබූ දරුවන් සදහා විවෘතව පවතී. ළමයින් විසින් සිදු කරන ලද සියලුම නිර්මාණ ශංකර් ජාත්‍යන්තර ළමා තරගය 2019 සදහා නව දිල්ලියට යවනු ලැබේ.

මේ සඳහා සහභාගී වීමට කැමති දරුවන් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර (දු.ක. 011-2684698, ටෙලිෆැක්ස් 2684697, විද්‍යුත් තැපැල් iccrcolombo2@gmail.com) 2018 නොවැම්බර් මස 17 වන දින පෙ.ව. 9.00 ට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණිය යුතු වේ.

#BapuAt150 යන මෙම විශේෂ අවස්ථාව අනුස්මරණය කිරීම සඳහා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් එක් එක් කාණ්ඩයේ දක්ෂතා දැක්වූ හොඳම දරුවන් තිදෙනා සඳහා විශේෂ ත්‍යාගයන් ලබා දීමට කටයුතු කරන අතර ජයග්‍රාහකයින්ව විශේෂ උත්සවයකදී ඇගයීමට ලක් කෙරෙනු ඇත.

තරඟ කොන්දේසි සහ වැඩිදුර විස්තර දුරකථන අංක: 2684698 හෝ විද්‍යුත් තැපැල් ලිපිනය වන iccrcolombo2@gmail.com ඔස්සේ ලබා ගත හැක.

No comments:

Post a Comment