Saturday 20 October 2018

ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වා ගන්න යැයි නිවේදනය කියූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා "තොරතුරු නොදුන් වාර්තාව" සපයා ඇත්තේ යස්මින් සූකා ලා බව නොවේද ..? -

මේ අවුරුද්දේ 2018 ජුලි 21 වන සෙනසුරාදා දා එංගලන්තයේ The Guardian පත්තරේ ලිපියක් පලවෙනවා "Sri Lankan ‘war criminals’ deployed as UN peacekeepers" යන සිරස්තලයෙන්. එහි අනු සිරස්තලයක් සේ Confidential report says officers implicated in the abuse of Tamils were operating in Africa යන කොටසකුත් ඇතුලත් . දැන් මේ ලිපියට තොරතුරු ලබාගැනීම සිදුකර තිබෙන්නේ ITJP සංවිධානයෙන් . ඒ කියන්නේ International Truth and Justice Project එකෙන් . මෙය ක්‍රියාත්මක වෙන්නේ දකුණු අප්‍රිකාවේ සිට . එහි සබඳතා අතු ඉති විවිධ රටවල. මේ කියන ව්‍යාපෘතියේ ප්‍රධානියා නැත්නම් විධායක අධ්‍යක්‍ෂවරිය Yasmin Sooka යස්මින් සූකා .https://spp.ceu.edu/people/yasmin-louise-sooka-0
ඔබට පුළුවන් මා මෙහි දී ඇති අන්තජාල දිගුවෙන් The Guardian ලිපිය කියවන්න .
දැන් ඊයේ 19 සිකුරාදා එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක Stephane Dujarric නිවේදනක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයට නියම කළා බටහිර අප්‍රිකාවේ මාලී රටේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රබල කාර්යය කොටසක් සිදුකරන ශ්‍රී ලංකා හමුදා ඛණ්ඩයේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් කලණ අමුණුපුර වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කියා . ඒත් එක්කම Stephane Dujarric ගේ නිවේදනයට අමුණමින් Associated Press AP පුවත තවුරුකරමින් The Washington Post පුවතේ https://www.washingtonpost.com/gdpr-consent/…
බොහොම පැහැදිලිව සදහන් කරනවා මා ඉහත කී The Guardian පුවත් පතේ ලිපිය .
https://www.theguardian.com/…/sri-lanka-war-criminals-un-pe…
එසේම ඔවුන් ITJP නැත්නම් South-Africa based International Truth and Justice Project, එක ගැනත් සටහනක් තබනමින් සිහිපත් කරනවා The Guardian පත්තරේ ලිපියට තොරතුරු ITJP http://www.itjpsl.com/එකෙන් ගත්ත බවටත්. එසේම ඒ තොරතුරු වල එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්ගේ තවත් නම් තිබෙන බව The Guardian සඳහන් ව තිබූ බවත් The Washington Post පුවතින් යළි මතක්කර දී නොකියා කියා තිබෙන කරුණ කුමක්ද ..?එනම් එක්සත් ජාතීන්ගේ මේ තීන්දුවට පාදක වූ තොරතුරු කොහෙන්ද ආවේ .. බලපෑම සංවිධානය වුනේ කොහොමද යන්න නොවේද ..? එය මෙහිදී ඉතා වැදගත් . මේ මගින් අපට ඉතාම පැහැදිළි කරුණ වන්නේ
ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වා ගන්න යැයි නිවේදනය කියූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා "තොරතුරු නොදුන් වාර්තාව" සපයා ඇත්තේ යස්මින් සූකා ලා බව නොවේද ..? - දක්ෂිණ බෝධිනායක

No comments:

Post a Comment