Tuesday 23 October 2018

රුධිර ප්ලාස්මාව අපනයන කිරීම ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැක. - රවි කුමුදේෂ්

රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් (රුධිර ප්ලාස්මාව) අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැක.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ්
------------------------------------------------------------------------
රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිළිබදව සොයා නොබැලීමෙන් මෙම ගැටළුව ඇති වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති ඇතැම් ආයතන වලට කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යනුකුල නොවන භාවිතා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවට තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇතැයි ද රවී කුමුදේශ් මහතා මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන
කුමුදේශ් මහතා වැඩිදුරටත් පවසනුයේ රුධිරය අපතේ යාම වැලැක්වීම සදහා ගනු ලබන හදිසි තීරණයක් ලෙස පෙන්වා දෙමින්, චෝදනා සහිත ආයතනයකට රුධිර කොටස් විකිණිමේ වෑයමක් පවතින බවට තම සංගමය සැකකරන බවයි.
රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ වැඩි දුරටත් මෙලෙස සඳහන් වේ.
ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ශරීර කොටස් විකිණීම තහනම් ක්‍රියාවක් වන අතර ඒවා ලබාදිය හැකි වනුයේ පරිත්‍යාග වශයෙන් පමණි.
රුධිරය යනු රෝගී අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ජිවී සංඝටකයක් වන බැවින් හදිසි අවශ්‍යතාවයන්හිදී පරිහරණය කිරීම සදහා පරිත්‍යාගශීලීන්ගේ රුධිරය එකතු කර තැන්පත් කර ගැනීම සිදුවේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මෙලෙස එකතු කර අතිරික්ත රුධිර කොටස් අපනයනය කරනු ලබන අතර කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් තරගකාරී මිලකට ඒවා මිලදී ගනු ලබයි.
           රුධිර ප්ලස්මාව යනු කුමක්ද ..? පැහැදිලි කිරීම වීඩියෝව මෙතැනින් නරඹන්න

ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට මිලදී ගනු ලබන මෙම රුධිර කොටස් මගින්, විවිධ නිෂ්පාදන සිදු කොට ඉතා වැඩි මුදලකට බටහිර රටවලට විකිණීම සිදුවේ. කෙසේ නමුත් මිනිස් රුධිරය සදහා කෘතීම නිපදවූ සංඝටක හා සත්ව රුධිර කොටස් එකතු කිරීමේ ජාවාරම් පිළිබඳව ලෝක අහාර හා ඖෂධ අධිකාරීන්හි දැඩි අවධානය යොමු වී ඇති අතර, එවන් ව්‍යාජ නිෂ්පාදන මගින් කිසියම් ජීව විද්‍යාත්මක ව්‍යසනයක් සිදුවුවහොත් ඊට අදාළ රුධිරය අපනයනය කර රට චෝදනාවට ලක්වීම නොවැලැක්විය හැක.

No comments:

Post a Comment