Thursday 4 October 2018

අපි ලංකාවේ කෑමට ගතහැකි එහෙත් විකුණා ගැනීමට නොහැකියැයි කියමින් දවසකට ටොන් 50 ක එළවළු කඳු ගහන කොට ඒ කන්දක බ්‍රිතාන්‍ය වටිනාකම රුපියල් වලින් කොච්චරද ..? එළවළු ටොන් 50 ගණන් කුණු කඳු ගහන්න ආණ්ඩුවක් මොකටද ..?

මේ වීඩියෝ වේ ඇති පුවත බලන්න.
රටේ එළවලු ගොවියා ට අත්වී ඇති ඉරණම තේරුම් ගන්න.
 මේ වීඩියෝ වේ ඇති පුවත බලන්න. (මේ 04. 10. 2018 දෙරණ ප්‍රවෘතියෙන් කොටසකි) මේ ලින්ක් එක ක්ලික් කරන්න 


එළවළු ටොන් ගණන් කුණු කඳු වී විනාසවන හැටි බුද්ධිමත්ව තේරුම් ගන්න. ඔබ විදේශයක සිටින්නේ නම් මේ ආකාරයට ලංකාවේ කුණු කඳු වී කුණු වෙන එළවළු පිටරට මිල කොපමණ දැයි අප අමුතුවෙන් කිවයුතු නොවේ . කවර ආණ්ඩුවක් බලයට පත්වුණ ද ලංකාවේ ගොවියා සිටියේත් සිටින්නේත් දැඩි පිඩනයකිනි . කිසිඳු ආණ්ඩුවක් ගොවියා වෙනුවෙන් නොවෙනස් ජාතික ප්‍රතිපත්තියකට හෝ ප්‍රායෝගික ශක්තිමත් වැඩපිළිවෙලකට ගොස් නැත . කෘෂිකර්ම ඇමතිලා , නියෝජ්‍ය ඇමතිලා , ලේකම්ලා නිදහසින් පසු සිය ගාණනකි . 
අදවනවිට ඉතිහාසයේ වැඩිම කුලී මුදලකට යටත්ව ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පවත්වාගෙන යන්නෙත් මේ දුප්පත් අහිංසක ගොවීන් ගේ දහදිය කදුළු මහන්සිය "කැත" විධියට උකස් කරමිනි. පාරක්, බෝක්කුවක්, වතුරකරාමයක්, පීත්ත පටි කපා බෙර ගසා නැටුම් නටා කප්පරයක් පච කතා පවත්වා විවෘත කරන්නට තරම් පක්ෂ විපක්ෂ ඒකාබද්ධ මන්ද මානසිකත්වයක් නොඅඩුවම අදත් රටතුල ක්‍රියාත්මකම වී ජාතියේම පාපයකි . 
වරදක් පෙන්වා දුන්විට "අරයගෙ කාලෙත් මෙහෙමයි - ඉතින් දැන් මොකද ..?" යනුවෙන් විමසන්නට තරම් කාලකන්නි දේශපාලන ආසාවලින් පිරුණු මානසිකත්වයද අප අතර සිටීමෙන් ගැටලුවක් අර්බුධයක් විසඳා ගැනීමේ ජන විඥානයක් ගොඩනැගීමද අසීරු වී ඇත . එහෙත් මෙවැනි දේ දැක දැකත් නිහඬව ඉන්නට තරම් අප සිත් කිසිවිටෙක ඉඩ නොදේ . 
එළවළු පලතුරු අස්වැන්න වැඩියෙන් ලැබීම ආශීර්වාදයකි . එයද සැමවිට සිදු නොවන්නකි . විවිධ අවස්තාවලදී අස්වනු එහෙම පිටින්ම පාලු වී විනාශ වී යන අවස්ථාද එමටය . බම්බටු, තක්කාලි, මෑ, දඹල, මිරිස්, ගෝවා ,වට්ටක්කා ,කැකිරි, පිපිඤා, බණ්ඩක්කා ඇතුළු... එළවළු රැසක අස්වැන්න මෙලෙස විනාශවන්නට ඉඩදීම රජයක , පළාත් සභාවක , හෝ මොනයම්ම හෝ ආයතනයක වගකීමද ..? මේ එක මොහොතින් ආ සුනාමියක් ද ..? නැත .
හැම වසරකම මෙවැනි තත්වයන් ඇතිවීම පිළිගැනීමට අප සුදානම් විය යුතුය . අතිරික්ත අස්වැන්න තබා ගැනීමට ශීතකරණ , ක්‍රමවත් ඇසුරුම් ක්‍රමවේද , එමෙන්ම ක්ෂණිකව එවැනි අවස්තාවලදී එවැනි එළවළු කල්තබා ගැනීමේ ටින් කිරීමේ වියළීමේ ,අධි ශීතකරණ කිරීමේ ලොව පිළිගත් වැඩ පිළිවෙලක් අපේ රටේ වගකිවයුතු ජනබල ගත්තා හෝ ගන්නට ඉන්නා හෝ ගෙන හිටියා හෝ පිරිස් වලට නොතේරෙනවා නොව .. උන්ට අවශ්‍ය වන්නේ හීන ලෝකයක ජාතිය පාකර යවා ඒ අහිංසකයින් උකස් කරමින් මෝඩ චුන් ගැනීම නොවේද ..? 
දෙහි අස්වනු වැඩි කාලයට දෙහි ගස් යට දෙහි කුණුවෙන්නට ඉඩදී කනේ කරාබු දෙක උකස් කර ගෙදරට අවශ්‍ය පාන් තුනපහ ටිකත් ලාම්පුවට භුමි තෙල් ටිකත් ගේන්නට තරම් අපි අවාසනාවන්ත වුයේ ඇයි ..? මිනිස්සුනේ මේ නරුම වාදී දේශපාලන සංස්කෘතිය තුල අපි තවත් වහලුන්වී සිටිමුද ..?
-දක්ෂිණ බෝධිනායක
පසු සටහන :අද එංගන්තයේ බටානා ගෙඩියක මිල පවුම් £ 1.00 කි /වට්ටක්කා ගෙඩියක මිල £ 2.00 කි/ බෝංචි කිලෝ එකක මිල පවුම් £3.59 - £ 5.16 ත් අතරය./පිපිඤ ගෙඩියක් £ 0.70 කි . සාමාන්‍ය වම්බටු ගෙඩියක මිල පවුම් £ 0.70 කි /ගෝවා ගෙඩියක මිල £ 0.79 කි/ තක්කාලි කිලෝ එකක මිල පවුම් £ 1.59 - £ 9.60 ත් අතරය./ලීක්ස් කිලෝ එකක මිල පවුම් £ 2.00/රාබූ කිලෝ එකක මිල පවුම් £1.33/බණ්ඩක්කා කිලෝ එකක මිල පවුම් £ 9.14කි/ බතල කිලෝ එකක මිල පවුම් £ 1.00 - £ 2.67 ත් අතරය.බීට් කිලෝ එකක මිල පවුම් £ 2.63 - £ 3.89 ත් අතරය.අමු මිරිස් කිලෝ එකක මිල පවුම් £ 9.23 - £ 66.67 ත් අතරය. (අද බ්‍රිතාන්‍ය පවුමක් ලංකා වේ රුපියල් 221.18 කි) අපි ලංකාවේ කෑමට ගතහැකි එහෙත් විකුණා ගැනීමට නොහැකියැයි කියමින් දවසකට ටොන් 50 ක එළවළු කඳු ගහන කොට ඒ කන්දක බ්‍රිතාන්‍ය වටිනාකම රුපියල් වලින් කොච්චරද ..? http://www.mysupermarket.co.uk/shelves/Vegetables_in_Tesco.html

No comments:

Post a Comment