Thursday 3 December 2015

වැඩ බැරි ටාසන් බ්‍රිතාන්‍ය අගමැති - යුධ හමුදාව අතුගැමේ කොටි මෙහෙයුමේ ................?

තාලිබාන් ත්‍රස්‌තයන් පරාජය කිරීමට නොහැකි වූ බ්‍රිතාන්‍යය රජය
ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට ඉදිරිපත් වීම
ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌ ලබාදීමටද බ්‍රිතාන්‍ය එකඟ වී තිබේ.
ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් සංවිධානය හා සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීමට නොහැකි බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌දීමට ඉදිරිපත්වීම විහිලුවක්‌ නොවේද?

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කරද්දී බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට යුද අවි හෝ පතරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට එවකට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති වූ ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ කොටි නායකත්වය බේරා ගැනීමට ඉදිරිපත් විය. වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය ඊළාම් ඩයස්‌ පෝරාවේ ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රි ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළේය.
එකී චෝදනාවට සම්බන්ධව ජීනීවා යෝජනාව මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කළ යුතු යෑයි නිර්දේශයක්‌ ඉදිරිපත් විය.

මේ නිර්දේශය මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ස්‌ටර්ලින් මිලියන පවුම් 6.6 ක මුදලක්‌ වසර තුනක්‌ තුළ ලබාදීමට තීරණය කළ බව අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇත.

එසේම බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා හමුදා නිලධාරියකු පත් කරන අතර යුද හමුදා ප්‍රතිසංවිධානය යටතේ ශ්‍රි ලංකා හමුදා නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍යයේ හමුදා පුහුණු පාඨමාලාවලට පැමිණීමට ඉඩ දෙන බවයි.
මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යනු භට සංඛ්‍යාව අඩු කිරීමද යන්නයි.
එසේම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ඉවත් කර නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ශ්‍රි ලංකාවේ කටයුතු සඳහා පත් කරන්නේ කුමකටද?
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර එකී චෝදනා විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි ප්‍රකාශ කළේද බ්‍රිතාන්‍යයයි.
මෙම පසුබිම මැද ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු යෑයි බ්‍රිතාන්‍යය පැවසීම දැඩි සැකයට කරුණක්‌ නොවන්නේද?

Tuesday 24 November 2015

තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව


"පසුගිය රජය මෙකී ඊළම් සංවිධාන තහනම් කලත් එකී තහනමට එරෙහිව කිසිදු ඊළම් සංවිධානයක්‌ මෙරට හෝ විදේශීය අධිකරණයක්‌ හමුවේ නඩු පැවරුවේ නැත."



ලෝක ඉතිහාසයේ මින් පෙර මෙවන් ක්‍රියාදාමයක්‌ සිදු වී නැත.

ඒ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවීමට සිදුවීමයි. ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය පරාජය කළේය.

First investigate those who sponsored & supported Sri Lanka’s LTTE Terrorists?


Before any hybrid court or international investigators are brought into the scene causing another burden to the taxpayer and wasting years compiling data what is more important is to identify all those who had supported and sponsored terrorism in Sri Lanka. You can have disgruntled men and women who want to rebel against a system but it is when these men and women are supplied arms, ammunition and given training that creates a total new ballgame. We know that unemployed low caste Prabakaran and a handful of his men were unhappy with the government but things started to change only after India transported Prabakaran and coterie and trained them in guerrilla warfare. Who is going to bring India on trial for this crime?

Saturday 21 November 2015

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ කබා හැදුවේ කොටි ?




මේ පුපුරණ කබා තාක්‍ෂණය දන්නේ කොටි සංවිධානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස්‌ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූ ත්‍රස්‌තයන්ය. වන්නි මෙහෙයුම අවසන් වීමට පෙර කොටි පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස්‌ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූකබා එකලස්‌ කරන්නෝ යුරෝපා රටවලට පැන ගොස්‌ ඇත. ප්‍රංශ ආරංචි මාර්ග දක්‌වන්නේ මේ හිටපු කොටි ත්‍රස්‌තයන් ප්‍රංශයේ සිටින බවයි.

ප්‍රංශ බුද්ධි සේවාවේ හිටපු නිලධාරියකු වූ පියරේ මාටිනෙට්‌ පැවසූවේ පැරිස්‌ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ නැති යමෙක්‌ මෙම බෝම්බ කබා නිපදවා ඇති බවට සැකකරන බවයි.


අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 216 ක්‌ වහාම නිදහස්‌ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව පසුගිය බදාදා (18දා) ප්‍රංශ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

එහෙත් අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැරිස්‌ නුවරට එල්ල කළ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුවේ සැලසුම ව්‍යාර්ථ විය. ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය නිසා උද්ඝෝෂණය අත්හිට වූ බව පැවසූ ඊළම් සම්බන්ධීකරණ කමිටුව අපූරු ප්‍රකාශයක්‌ කළේය.

Thursday 19 November 2015

බෝම්බ - බෝම්බ කබා හදන්න දන්න කොටි සැගවූ අවි ගබඩා ගැන දන්න - කොටි එළියේ

ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න

ද්‍රවිඩ සන්ධානය මෑතකදී පැවසුවේ අත්අඩංගුවේ සිටින කොටි නිදහස්‌ නොකරන්නේ නම් රජයට සහය නොදෙන බවයි. එහෙත් මේ අත්අඩංගුවේ සිටින්නේ කවුද? පුපුරන ද්‍රව්‍ය භාවිතය ගැන මෙන්ම බෝම්බ කබා නිපදවිය හැකි හා අවි ආයුධ පුහුණුව ලත් ත්‍රස්‌තයන් පිරිසකි.

එසේම උතුරේ යුද්ධය අවසන් වූවත් උතුරේ ස්‌ථාන රැසක සැඟවුණු අවි නොතිබේ යෑයි සහතික විය හැකිද? නිදහස්‌ කිරීමට නියමිත ත්‍රස්‌තයන් ඒකරාශි වී ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ සැලසුම් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිද? තමන්ට පුනරුත්ථාපනයක්‌ පවා අවශ්‍ය නැතැයි අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් පවසා තිබේ. එසේ නම් ඔවුන්ගේ ඊළඟ අරමුණ කුමක්‌ද?

මොවුන්ගෙන් පිරිසක්‌ අධිකරණය වෙත ගෙන ආ අවස්‌ථාවේ බන්ධනාගාර රියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසූවේ ඊළම් අරගලය අන්හරින්නේ නැති බවයි.

Saturday 7 November 2015

ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත් දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා


ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ වන විට විවිධ අදහස්‌ පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්‍රකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌ කරන විග්‍රහයකි මේ.

එල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
ශ්‍රී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක්‌ නෑ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක්‌ තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්‌ෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්‍රී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්‌ථානයක්‌ බවට පත්කිරීම.

Tuesday 20 October 2015

The Commission of Inquiry that probed Abductions and Disappearances (better known as the Maxwell Paranagama Commission) has found that it was the LTTE which killed majority of Tamil civilians during the last 12 hours of the final stage of the war, according to the commission report tabled in Parliament.......Paranagama Commission rejects Darusman findings Udalagama Commission ...

යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් වැසියන් මැරුවේ එල්.ටී.ටී.ඊ.යයි පරණගම උදලාගම කොමිෂන් කියයි.



යුද්ධයේ අවසන් පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බවට සාක්ෂි හා තොරතුරු මත තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසමේ වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම කොමිසමේ වාර්තාව
සහ දරුණු ගණයේ මානවහිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිසමේ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට අමතරව යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන ස්ථාවර කමිටුවක් පත් කළ යුතු බවටද උදාලාගම කොමිසමේ වාර්තාව නිර්දේශ කර තිබේ. සෙංචෝ‍ලේ ළමා නිවාසයේ 51 දෙනකු ඝාතනයවීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනයවීම, මූතුර් හි මුස්ලිම් ජාතිකයන් 14ක් ඝාතනයවීම ඇතුළු

මන්ත්‍රී චතුර සේනාරත්න යහපාලන පැටියෙක් .....

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රාගම ‍පොලීසියේ කාර්යභාර නිලධාරියාට හා සිරමැදිරියේ සිටි සැකකරුවන් පස්දෙනකුට බැණ මරණ තර්ජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමට රාගම ‍පොලීසිය විසින් අද (20) දිනයක් ඉල්ලා සිටි බැවින් මේ සම්බන්ධ වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 5 වෙනි දිනට කල් තබන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
රාගම ‍පොලීසියේ කාර්යභාර නිලධාරියාට හා සිරමැදිරියේ සිටි සැකකරුවන් පස්දෙනකුට බැණ මරණ තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රාගම ‍පොලීසිය දුන් නොතීසියකට අනුව අද (20) අධිකරණයේ පෙනී සිටින ලදී.
2015.09.14 රාගම නගරයේ ඇතිවූ ආරවුලක් මත කපා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන්ට හා ‍පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළේ යැයි රාගම ‍පොලීසිය ‘බි’ වාර්තාවක් මගින් චතුර සේනාරත්න මහතාට එරෙහිව අධිකරණයට වාර්තා කර තිබුණි.
සැකකාර මන්ත්‍රීවරයාට රාගම ‍පොලීසිය අධිකරණයේ පෙනී සිටීමට නොතීසි භාරදුන් පසු මන්ත්‍රීවරයා රාගම ‍පොලීසියට ගොස් ප්‍රකාශයක් දී ඇත. රාගම ‍පොලීසිය මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාටද පාර්ලිමේන්තු ‍ලේකම්වරයාටද වාර්තා කළ බව අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත.
රාගම ‍පොලීසිය සමග පැමිණිල්ල වෙනුවෙන් මහින්ද සුගතදාස, ප්‍රසාද් ද සිල්වා යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් චරිත ජයනාථ, ප්‍රියන්ත රාජපක්ෂ යන නීතිඥ මහත්වරු ඇතුළත් කණ්ඩායමක් පෙනී සිටියහ. නැවත විභාගය නොවැම්බර් 5ට කල් තබන ලදී.

අනේ විජේ මොකද මේ කලබලේ...

සිංහල කියල ජාතියක් තියෙන්නේ කොහෙද කියල අහල මුළු ජාතියකටම කීර්තිනාමයට ප්‍රසිද්ධියේ අපහාස කල ඔබ සමාජ ජාල වෙබ්  අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්තිහානි කිරීම වලක්වන්න කඩිමුඩියේ වැඩ .

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වබේ අඩවි ඔස්සේ වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි නීති සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මූලික අධ්‍යයනයක නිරත වෙමින් සිටීමේ සම්බන්ධයෙන් නීති සකස් වීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ නීති කොමිෂන් සභාවයි. සමාජ ජාල වබේ අඩවි මගින් පුද්ගලයන්ගේ කීර්ති නාමයට හානි කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, සියදිවි නසා ගන්නා තැනට පත් කිරීම ආදී අපරාධ ගනයට වැටෙන වැරදි රැසක් කෙරෙන අතර මේ වනවිටත් එවැනි පැමිණිලි 2000කට වඩා ප්‍රමාණයක් ලැබි ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම තෑගි ඔප්පු සම්බන්ධ නීතිය අදට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම, උසාවිවල ඉඩම් නඩු වැනි නඩු කටයුතුවල ප්‍රමාදයෙන් මහජනතාවට වෙන අසීරුතාව වැළැක්වීමට උසාවි කටයුතු කාර්යක්ෂම කිරීමද කළ යුතුව ඇතැයි නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ.


Sunday 4 October 2015

ගඩාපිගේ පන්සීයයි මහින්දගේ මඤ්ඤොක්කා බෙදිල්ලයි ....අද ලංකාවේ ලොකුම කතාව ..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට මට එකග විය නොහැක.

සම්මත වූ යෝජනාවේ 06 වෙනි ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍ර‍නය තුළ විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශණ නිළධාරීන් හා නීතීඥයන්ගේ සහභාගීත්වය තිබිය යුතු වේ. 08 වන ක්‍රියාන්විත ඡේද‍යට අනුව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා තුළ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැතත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කළ යුතු වේ. 04 වන ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකාවේ යුද සමය අලලා බිහි කරන මේ යාන්ත්‍ර‍නයන් වලට විදේශීය රටවල් වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසේ. එයින් සිදු වන්නේ මේ ඊනියා ශ්‍රී ලාංකික යාන්ත්‍ර‍නය විදේශීය බලවතුන්ගේ මුදල් වලින් පවත්වාගෙන යන ආයතන බවට පත්වීමයි.

mahinda rajapaksa

Wednesday 30 September 2015

පසුගිය වසර තිහ පුරා පැවති යුද වාතාරණය මධ්‍යයේ පවා එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කර ගැනීමට අප රට සමත් විය


ජනපති කළ සම්පූර්ණ කතාව පහතින්..‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයකු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුව මෙලෙස අමතන්නේ ඉමහත් වූ සතුටකිනි.
මොගන්ස් ලිකෙටොෆ් මැතිතුමනි, 70 වැනි මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම් පිරිනමමි. එමෙන් ම, 69 වැනි සැසිවාරයේ සභාපතිවරයා වශයෙන්, සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ, සෑම් කුටේසා මැතිතුමන්ට ද මාගේ ස්තුතිය පිරිනමමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70 වැනි වසරට පා තබා තිබේ. එම ගෙවුණු වසර 70 ක කාලය තුළ, ලෝක ජනතාවගේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුළු අතිශය භාරධූර හා අභියෝගාත්මක ක්‍රියාවලියක එක්සත් ජාතීන් අඛණ්ඩව නිරත වූ බව අවිවාදිත ය. එම අභියෝග අදටත් අප හමුවේ පවතින බව මම සිහිපත් කරමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක මහලේකම්වරයා වූ ට්‍රිග්වි ලී මහතා, කොරියානු යුද්ධය උත්සන්නව පැවති 1953 දී සිය ධුරයෙන් සමු ගන්නා මොහොතේ දී මහ ලේකම් ධුරයේ ස්වභාවය හැඳින්වූයේ “The most impossible job in the world” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ත මනුෂ්‍ය සංහතියෙහි ම අනාගතය සිය කර මත දරා සිටිය හැකි විශ්වීය සංවිධානයක් බවට පත් කිරීමට සියලු මහ ලේකම්වරුවන්ගේ පූර්ණ දායකත්වය ලැබුණු බව නොරහසකි. වර්තමාන මහ ලේකම් ධු‍රය ‍හොබවන බැන් කී මූන් මහතා ද එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන බව මාගේ විශ්වාසයයි. බැන් කී මූන් මැතිතුමනි, ඒ වෙනුවෙන්, මාගේ සහ මාගේ ජනතාවගේ උපහාරය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා මේ වන විට වසර හැටකි. මගේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයකි.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු සියලු ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම්වලට ගරු කරන රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මූලික පරමාර්ථයක් වන්නේ මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. ශ්‍රී ලංකා ජනරජය‍ එම වගකීම් නොපිරිහෙලා ඉටු කරනු ඇති බව මෙහිලා ප්‍රකාශ කරමි. ඒ සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සහ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිලා සඳහන් කරන්නෙමු‍.

රනිල්-මෛත්‍රී රට "යහනක්" කරගෙන "මධු සාමය" ගත කරද්දී කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යන්තරව කෙතරම් ප්‍රබලව ක්‍රියාත්මක වේද ..? ජිනීවා මානව හිමිකම් වෙත සිය ශක්තිය පෙන්වන කොටි හිතවාදීන් ..ත්‍රස්තවාදය නැසූ උන් පෝරකයට යවන්න රට කරවන උන් උඩගෙඩි දෙද්දී .. රුසියාව , චීනය , පාකිස්තානය ඇතුළු රටවල් ඊට විරුද්ධත්වය පළකර සිටියදී .. රනිල් මංගල එකතුවී රට පාවා දෙන්න යන්නේ ඇයි...?https://youtu.be/B7U6VRfKx2w

ඇමරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන අවස්ථාව සජීවීව නරබන්න . එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ගෙන එන සජීවී විකාශයට සම්බන්ධ වීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න .

Live 30th Regular session of the Human Rights Council ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද (30) අදහස් දැක්වීම දැන් සජීවීව නරබන්න .

Saturday 12 September 2015

දුර්ගන්ධය සහ චන්ද්‍රිකාගේ වචාලභාවය













මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්දියාවේ ‘’ද හින්දු ‘’ පුවත්පතට කර තිබූ ප්‍රකාශය සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයින්ගේ අවධානයට යොමුවිය යුතුය. කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් මෙන්ම අදටත් මධ්‍යම කාරකසභිකයකු හා අනුශාසකවරියක් වන නිසා එතුමිය පිටරට සංචාරවලදී විදෙස් මාධ්‍යයට කරන ප්‍රකාශ අපගේ පක්ෂයට පමණක් නොව රටටත් සෘජු ලෙස බලපාන බව නොකිවමනාය. එතුමිය ‘’ද හින්දු ‘’ පුවත්පතට දුන් ප්‍රකාශය පුරාම මාගේ නායකත්වය යටතේ තිබූ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කරවීමට හැකි වීම ගැන ප්‍රීතිය ප්‍රකාශ කර තිබූ අතර ඒ සදහා කරන ලද කුමන්ත්‍රණය තුල එතුමියගේ කාර්යභාරය ගැන ද තලුමරමින් විස්තර කොට තිබුණි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ හෝ භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයකු හෝ වත්මන් මධ්‍යම කාරක සභිකයකු හෝ අනුශාසකවරයකු තමාගේ පක්ෂයේ පරාජය ගැන ප්‍රීතිය ප්‍රකාශ කිරිමක් ඉන්දියාවේ නම් කිසිදාක සිදුවන්නේ නැත. අසල්වැසි රටකට ගොස් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් කුමාරතුංග මැතිණිය තම පක්ෂය ගැනත් රට ගැනත් ලෝකයට දෙන පණිවුඩය කුමක් ද?

Wednesday 9 September 2015

කේ.පී.ට තිබෙන චෝදනා මෙන්න











ශන්මුගම් කුමාරන් පද්මනාදන් යනුවෙන් කීවාට රටුන්ට ඔහුගේ වගතුග හෝ රූපකාය මතකයට නොඑන බව සහතිකය. එනමුත් කේ.පී. යනුවෙන් කීවා නම් ඔහු ගැන නොදන්නා අයෙක් ලංකාවේ නැති තරම්ය. ඒ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකයා වූයේ ඔහු බැවිනි. කේ.පී. රට්ටු අතරේ ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වීම නිසාම නොවේ. ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේදී ඔහු ලොව ප්‍රකට චරිතයකි. ඊට හේතු වූයේ එල්.ටී.ටී.ඊ. ය නමැති ගොඩනැගිල්ල සෑදී තිබුණේ ප්‍රභාකරන් කේ.පී. හා ‍පොට්ටු අම්මාන් යන කුලුනු තුන මත නිසායි.
ප්‍රභාකරන් මෙන්ම කේ.පී. කුඩා කළ සිට සමීප මිතුරෝය. ඒ මිතුරුකම් දිග පළල කෙතරම්ද කිවහොත් ප්‍රභා මදිවදිනි විවාහ කරගත් දවසේ ඔහුගේ දෙවැනි මනමාලයා වූයේ කේ.පී.ය.
එල්.ටී.ටී.ඊ.යේ ආරම්භක සාමාජිකයකු වූ කේ.පී. පසුකලක එම සංවිධානයේ ජාත්‍යන්තර අවි සැපයුම්කරු විය. ඔහු ජාත්‍යන්තර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තුකරුවෙකි.
ප්‍රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්‍යන්තර ‍පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති රතු වරෙන්තුකරුවන් අතර ත්‍රස්ත ක්‍රියා සහ විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලාංකීය අපරාධකරුවෝ 10 දෙනෙක් සිටිති. ඒ අය අතර දෙමළ ජාතිකයෝ 06 දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ 04 දෙනෙක්ද සිටිති. ශන්මුගම් කුමාරන් තර්මලිංගම් හෙවත් කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී ද සිටින්නේ ඒ ගොඩේය. ඉන්දියාවට ඔහුව අවශ්‍යව ඇත්තේ ඉන්දීයාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙනි.
තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුර්හීදී 1991මැයි 29 වෙනිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට රජිව් ගාන්ධි ඝාතනය කරනුයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීය.

Sunday 30 August 2015

විපක්ෂ නායක පත් කිරීම විපක්ෂයටම



නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පත් කිරීමේඅවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූ බවවිමල් වීරවංශ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (31) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.


Sunday 23 August 2015

ජාත්‍යන්තර රණවිරු දඩයම එලි දකියි

රට බේරා ගත් රණවිරුවන් දඩයමට ඉඩදී මෛත්‍රී යාපනයේ සැරිසරයි.දෙමල වැසියන්ට අධි අරකක්ෂිත කලාපයේ පිහිටි ඉඩම් වීරයකු ලෙස පිළිගන්වයි.නමුත් සියලු දෙනාට අමතකව ගොස් ඇති සත්‍යය නම් මේ සියලු දීමන දෙමල වැසියන්ට දීමට මෙන්ම උතුරට  නිදහසේ යාමට ඔබ සැමට හැකිව ඇත්තේ මහින්ද සහ රණවිරුවන්ගේ ජයග්‍රහනයයි.දැන් ඔබලාට ඇත්තේ යුධ බියෙන් තොර දේශයක ,සංවර්ධනයේ මාවතට පිවිසි රටක් ලෙස මහින්ද ගොඩ නැගු රට වැඩ කිඩ දමමින් එක දමාගන්නට කටයුතු කිරීමය.එක අතකින් මෛත්‍රී දෙවත්වයටත් මහින්ද දුෂ්ටයකු ලෙසත්  සුළු ජනය හිතනු ඇත.නමුත් සත්‍ය එය නොවන බව මෛත්‍රී ඔබ හොදින්ම දනියි .ඔබට නොලැබුණු අගමැතිකමේ වෛරය ඔබ පිරිමස ගන්නේ මහින්දට නිගා කරමින් බව ප්‍රසිද්ද රහසකි.යුධයක් තිබුණා නම් ඔබ සම්පුර් වල ඉඩම් කෙසේ බෙදන්නද ?දෙමල වැසියන්ට කතා කරන්නට තියා,යාපනයේ දුහුවිල්ලක් පා ගන්නට ඔබලාට නොහැකි වනු ඇත. මෛත්‍රී ජනාධිපතිතුමනි ,රනිල් අගමැතිතුමනි  දැන් ඔබට ඇත්තේ සියලු යටිතල පහසුකම් සපිරි ,සවර්ධන ව්‍යපෘති ලක්ෂ ගණනින් සිදු කල,සුමට මාවතක රට රැගෙන පැද යාම පමණි.යුධයක් නොමැති නිසා ඉතිරිවන බිලියන ගණන් මුදල් වීරයන් ලෙස මහින්ද අවසන් කල ව්‍යපෘති වලට පොඩි ෂෝ පාරක් දමා,ඔබගේ චාම් උත්සවය පවත්වා ,මහින්දට ගරහමින් ඔබ දෙදනාගේ නම් යොදා ජාතියට වික්‍රමයක් කරන දීව්‍ය පුත්‍රයන් දෙදනකු ලෙස     නාමපලක දිගහැරීමයි.
ඔබත් රනිලුත් UNP යත් කොපමණ කල් ආණ්ඩු කලත් මහින්ද තිබු මහින්ද විසදු අභියෝගයට සමාන කිසිවක් මේ සිරිලක් පොළොවේ ඉදිරියට අපට දකින්නට නැත.කරුමයනම් ඔබලාට චුන් එකේ උතුරේ කරක් ගහන්නට පසුබිම සෑදු මහින්දට සහ රණවිරුවන්ට අද අත්ව    තිබෙන ඉරණමය.ඔබේ යහපාලනය යනු ඔබලාගේ හෙන්චයියන් පමණක් සිටින පාර්ලිමේන්තුවකි.එයට කදිම නිධර්ශනය නම් ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලියින් නැවත ඔබ පත් කිරීමයි .යහපාලනය කෙසේ වෙතත් මෙය යමපලනයයි කීම සර්ව සාධාරණ සත්‍යතාවයකි.  පහතින් පලවන්නේ ජාතික පුවත්පතක අද පළවූ පුවතකි 

ත්‍රිවිධ හමුදා උසස්‌ නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා
ශ්‍රී ලංකාවට එරෙහි එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විභාග කළ පරීක්‍ෂක මණ්‌ඩලය යුද, ගුවන් හා නාවික හමුදාවේ ප්‍රබල නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබේ.

ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් නොකළත් එකී සම්මුතියේ ඇති කොන්දේසිවලින් යුද අපරාධ චෝදනා එල්ලවූවන් එකී අධිකරණය වෙත ගෙනයා හැකි යෑයි අනාවරණය වී ඇත.


ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයේ මෙම වාර්තාව ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමුකිරීම ගැන එම වාර්තාව ප්‍රකාශයට පත්වූ අවස්‌ථාවේ තීන්දු කෙරේ.

එකී වාර්තාව මානව හිමිකම් කවුන්සලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එවීමට කටයුතු කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දන්වයි.

මේ අතර එකී විමර්ශන වාර්තාවෙන් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් දෙදෙනකු හා හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු ගැන ද විශේෂ කරුණු දැක්‌වීමක්‌ සිදුකර ඇත.

Tuesday 18 August 2015

මහින්ද පරාද නෑ- පක්ෂයට විනකළ මෛත්‍රී පරාජය භාර ගත යුතුයි

මහින්දට ඇති ජනබලයට බියවී මැතිවරණයෙන් පසු ජනතාව රැස්වීමවලක්වයි .මෛත්‍රී පොලිස්  බලය යොදවයි .හොර චන්ද මෆියාවත්,මුදල් වංචාත් අල්ලස්දීමත් ,මුස්ලිම්,දෙමල චන්ද ඔවුන්ගේ නායපත්‍ර වලට සහ මුදලට ගැනීමත්  රනිල් ගේ දිනුමේ හේතු සාධක බව දේශපාලන විචාරකයන් මෙන්ම පොදු මහජනතාවගේද අදහසයි.
 අපේ නායකයන්ගේ ප්‍රකාශය පරාජයට සෘජු ලෙස බලපෑවා. පක්‌ෂ අභ්‍යන්තරයේ තිබූ අර්බුදත් ඊට බලපෑවා. කෙසේ වෙතත් සියල්ල ප්‍රතිසංවිධානය කර අප නැවත බලයට එන බව පාක්‌ෂිකයන්ට අවධාරණයෙන් කියන්න ඕනෑ. බලාපොරොත්තු නැති කර ගන්න එපා. එජාප ආණ්‌ඩුව සුළුතර ආණ්‌ඩුවක්‌. එය ජනතාවට අකටයුතුකම් කළොත් ඉක්‌මනින්ම ගෙදර යැමට සිදුවේවි.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලැබුවේ තාවකාලික පසුබැසීමක්‌ පමණක්‌ බවත් ඉදිරියේදී පක්‌ෂය ප්‍රතිසංවිධානය කර නැවත ආණ්‌ඩු බලයට පැමිණීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න මහතා ඊයේ (18දා) පැවැසීය.
මෙම මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලැබුවේ සුළු පරාජයක්‌. මන්ත්‍රී ආසන බෙදියැම විමසා බැලීමේදී එය පැහැදිලියි.

එජාපය මෙම මැතිවරණයේදී රාජ්‍ය බලය, මාධ්‍ය සියල්ල අයුතු ලෙස භාවිත කළා. අපට අවස්‌ථාවක්‌ නොදුන් තරම්. ඒ වගේම විශාල මුදල් සංඛ්‍යාවක්‌ ඔවුන් වියදම් කළා. නාමයෝජනා දුන් පසුත් රැකියා ලබා දුන්නා. ණය ලබා දුන්නා. ඒ වගේම පොලිසියත් ඉතා නරක ලෙස භාවිත කළා. එජාප ආණ්‌ඩුවෙන් ආ බලපෑම් හමුවේ පොලිසියටත් කර කියා ගත හැකි දෙයක්‌ තිබුණේ නැහැ.


ශ්‍රී ලංකා හමුදාවට එරෙහි චෝදනාව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉවත දමයි



දෙමල ජනතාවගේ හිතට විෂ පොවමින් රනිල් සහ දෙමල සන්ධානය රණවිරුවන් වරදකරුවන් ලෙස දක්වා චන්දය මංකොල්ල කෑ පසු රණවිරුවන් නිවැරදි බව ඔප්පුවේ.

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය වූ බවට ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී තිබූ චෝදනාව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අලුත්ම විමර්ශන වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාව නිදොස්‌ කර තිබේ.

සිවිල් වැසියන් ඝාතනයට ලක්‌වූයේ කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාව මිනිස්‌ පලිහක්‌ ලෙස රඳවා ගැනීම නිසා යෑයි ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි.

කොටි ඩයස්‌පෝරාව - ද්‍රවිඩ සන්ධානය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පසුගිය වසර හය මුළුල්ලේම මෙම චෝදනාව ඉදිරිපත් කර තිබිණි.

බිරිදත් එක්ක මදුසමයට යන්න ගිය මිනිහ අන්තිමේදී "ස්වයන් වින්දනය " ලබල



මහින්ද ව කාල කාල ... ප්‍රතිපත්ති දේශපාලනය බල්ලට දාල , තමන්ගේ විශිෂ්ට නායකයා අමුඅමුවේ මරාදාපු මහ පාරේ බල්ලන්ටත් අන්ත විදියට ඇත්ත යුක්තිය කතා කරපු .. කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ මරාදාපු , ගුරුවරු ,නීතිඥයෝ,මතුගම පැත්තේ විදුහල්පතිවරු , මාධ්‍යවේදියෝ ,කලාකරුවෝ දසවදදීල මරාපු ... එක්සත් නොවන .. ජාතිකනොවන පක්ෂය යයි එදා බණ්ඩාරනායක මහත්තය එලියට ඇවිත් පාර්ලිමේන්තුවේදී අභීත ලෙස චරිත සහතිකය ලියල දීපු බටලන්න්දේ යක්ෂයින්ගේ , ඒ යක්ෂයින්ව චෝදනා වලින් ලස්සනට එදා ලිස්සල යැවුව , පට්ට හැතිරියකගේ.. රැකවල් ඇති විකෘති කාම ආශාවලින් , පිස්සු වැටිච්චි එකා එකා ඒවගේ එවුන් එකටම එකතු වෙන හිරිකිතයක් නැති කාලෙක .. බිමල් ලා විජිතලා .. වගේ යමක් කමක් තේරෙන උන්ට ඉඩක් කඩක් නොදී " ටිල්වින් ගේ කටේ තියෙන විධියට දෙයියනේ කියල කසාද බැදලා.. බිරිදත් එක්ක මදුසමයට යන්න ගිය මිනිහ අන්තිමේදී "ස්වයන් වින්දනය " ලබල .. අනේ අර අහිංසක ගෑණිය කට නිකන් නිරාපරාදේ.. දොස් කියල තමන්ගේ .. නොහැකියාවයි .. විකෘතියයි .. වහගන්න හදනවගේ .... අපේ මේ අනුර කුමාර දිසානායක මහත්තයා ..යුඑන්පී යට යටින් ලස්සනට තල්ලුවදීල. අනේ අම්මපා ................පවු අප්පා ...

Monday 17 August 2015

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙ 13ක් දොට්ට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 13 දෙනකු නෙරපා හැර අලුතෙන් 13 දෙනකු පත් කළ බව ජනපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.
නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දිමු ජයරත්න ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ද සිටින බව දැනගන්නට ඇත.පරාජයෙන් වියරු වැටි මෛත්‍රී නිදහස් පක්ෂ මධ්‍යම  කාරක සභිකයන් 13ක් නෙරපයි . රොයිටර් පුවත් වාර්තා අනුව එය 25 ස් දෙනකු බව සදහන් වේ.මධ්‍යම කාරක සභාව රැස්වීම උසාවි නියෝග අරන් කල් දාල දැන් මධ්‍යම කාරක සභාව විසුරුවා හැර තමන්ට ඕන අය පත් කරගෙන මේ යන ගමනේ අරමුණ මොකක්දැයි ජනතාව නගන ප්‍රශ්න සදහා, මොහු කෛරාටිකික මෙහෙයුමක් රනිල්,කොටි සහ යු රෝප හවුල,ටෝනි බෙලයර්  සහ ඇමෙරිකාව සමග දියත් කරයි.   .මහින්ද අගමැතිවීම වැලක්වීමට වලිකන යහපාලන නායකයාගේ යහපාලන කෙරුවාව රටටම දැන් වැටහෙනු ඇත.ජනතාව තීරණය ඔබ සතුයි 

මැතිවරණය 2015 ප්‍රතිපල නිකුත් වෙයි.




අද නිකුත් කල  ජාතික  චන්ද තොරතුරු විශ්ලේෂණ වාර්තා අනුව  එක්සත් ජනතා පෙරමුණ අසන 81ක් ලබා ගන්නා බව දක්වයි .බොහෝදුරට එය අසන 80 කට‍ සීමා විය හැකි බව ඔවුන්ගේ අදහසයි. මුස්ලිම් කොන්ග්‍රසය  හා ද්‍රවිඩ සන්දානය ලබා ගන්නා සමස්ත ආසන ගණනේ එකතුව ආසන 23ක උපරිමයක් බව තහවුරුවේ .මුස්ලිම් කොන්ග්‍රසය  උපරිම ලෙස ලබා ගන්නේ ආසන 6කි.ජනතා විමුක්ති පෙරමුණ ආසන 6 කට සීමා වන අතර එහි උපරිමය ආසන 7ක් ලෙස දක්වා ඇත. එක්සත් ජනතා සන්ධානය  ආසන 113ක් ලබාගන්න බව පැවසුවද එය ආසන 110ක ට   සීමා වනු ඇත.  බොදු බල සේනාව ආසන 3 ක උපරිමයක් හිමි කරගනු අතර එක්සත් ජනතා සන්ධානය වැඩිම ආසන ගණනක් ලබා ගත් පක්ෂය  වනු ඇත.එය එක්සත් ජාතික පෙරමුණ ට වඩා ආසන 25ක් ඉදිරියෙන් ජය ලබන බව ජාතික තොරතුරු ඒකකය පවසයි .ප්‍රධාන පක්ෂ දෙකට ම තනිව ආණ්ඩුවක් පිහිටුවීම අපහසු ය.බොදු බල සේනාව තීරනාත්මක සාධකයක් බවට පත්වී එක්සත් ජනතා සන්ධානයට එකතු විය හැකි බව පෙන්වයි.මීට අමතරව TNA 2ක් JVP 1 ක්MC 2ක්  සහ UNP 13ක් දැනට මහින්ද සමග එකතුවීමට සාකච්චා පවත්වා ඇත.මේ අනුව එක්සත් ජනතා නිධහස් සන්ධානය ජය ලබනබව ජාතික තොරතුරු ඒකකය තහවුරු කරයි.

වසල දුමින්ද ගේ අමන කල්කිරියාව


ශ්‍රීලනිප මූලස්ථානයේ සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉවතට

ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානත්වය දැරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මෙම කාර්යාලය ඉවත් කිරීම සිදුවී ඇත්තේ ඉහළ බලධාරියකුගේ නියෝග මත බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් ධුරය අලුතින් පත්වීමෙන් පැය කීපයක් තුළ මෙම තත්ත්වය උදාවී තිබේ.

මහින්දට මඩ ගසන NGO පත්‍රිකා වලට ඉඩදී -කුරුණෑගල පොලිසිය මර නින්දේ


හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ පොතක්‌ හා පත්‍රිකා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය පුරා බෙදාහැර ඇතැයි හිටපු ඇමැති සාලින්ද දිසානායක මහතා පැවැසීය.

යකල්ලේ එක්‌තරා සංවිධානයක්‌ සම්බන්ධ පුද්ගලයකු විසින් මෙම මඩ පොත හා පත්‍රිකා බෙදාහැරීමේ මූලිකයා ලෙස කටයුතු කරන බවද දිසානායක මහතා කීය.

හිටපු ජනාධිපතිවරයාට ඉතාමත් අසාධාරණ අයුරින් සිදුවූ මෙම අකටයුත්ත පිළිබඳව තමා ගොකරැල්ල පොලිසිය හා මැතිවරණ කොමසාරිස්‌වරයා දැනුවත් කළ ද ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක්‌ හෝ ඊට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගැනීමක්‌ ඊයේ (16 වැනිදා) සවස්‌ වනතුරු සිදු නොවූ බවද දිසානායක මහතා සඳහන් කළේය.

නිදහස්‌ හා සාධාරණ මැතිවරණයකට බාධා කරමින් සිදුවූ මෙම ක්‍රියාව තමා දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බවද රාජ්‍ය නොවන සංවිධානවලට මෙලෙස හැසිරීමට ඉඩ ලැබීම ගැන තමා බලවත් සේ කනගාටුවට පත්වන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෛත‍්‍රීගේ පක්‍ෂය නායකත්වය බරපල අවිශ්වාශ කටයුතුයි..

අගමැති තනතුරට පවා සුදුසු යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන සභාපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මහලේකම් තනතුරුවලින් ඉවත් කිරීම තුළ පක්ෂ නායකත්වය පිළිබඳ විශ්වාසය බරපතළ අභියෝගයකට ලක්වන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එම ධුරවලින් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම පවතින නීතියට පිටින් ගොස් සිදුකළ කි‍්‍රයාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම මෙම එ්කපාර්ශ්වීය තීන්දුව ලබාදීමේදී එ් පසුබිමේ දෙමළ ජාතික සන්ධානයේ නීති උපදේශක කනගීෂ්වරන් මහතා සිටීම බරපතළ තත්ත්වයක් බවත් හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරයි.

තවදුරටත් මේ බව පැහැදිලි කළ හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු පවතින මැතිවරණ නීතිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ ගනුදෙනු කිරීමේ පූර්ණ බලය හිමිවන්නේ පක්ෂ මහලේකම්වරයාට පමණක් බවයි.

එ් අනුව මැතිවරණය සඳහා නියෝජිතයන් පත්කරනු ලබන්නේත් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පක්ෂ යාන්ත‍්‍රණය සම්බන්ධ නීතිමය තත්ත්වය හුවමාරු කරගනු ලබන්නේත් පක්ෂ මහලේකම්වරයා ය.

මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ මැතිවරණ කි‍්‍රයාවලියේදී මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සම්බන්ධ වී කටයුතු කළේ සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ය.

මෙම අධිකරණ තීන්දුව නිසා ඔහු මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කළ රාජකාරිමය ගනුදෙනු කිසිවකට කිසිදු බාධාවක් එල්ල නොවේ.

විශේෂයෙන් පක්ෂ මහලේකම්වරයකු අතින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය වේ නම් එ් සඳහා කි‍්‍රයාකළ යුතු ක‍්‍රමවේදයක් පවතී.

සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා හා අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීමේදී මෙම පිළිගත් ක‍්‍රමවේදය අනුගමනය කර නැත.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු පක්ෂ ලේකම්වරු සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවේ නම් පක්ෂ සභාපතිවරයා විසින් එය දැනුම් දිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට ය.

මැතිවරණ නීතියේ 13 වැනි වගන්ති ප‍්‍රකාරව එයට පෙනී සිටීමේ බලය ඇත්තේ ඔහුට බවත් හිටපු අගවිනිසුරුවරයා තවදුරටත් පැහැදිලි කළේය.

Sunday 16 August 2015

මිනීමරු රනිල්












බටලන්දේ රනිලෝ ලැජ්ජාවක් නැතිද තරුණ ජීවිත ගැන තව කතා කරන්න.අසමජ්ජාති හැතිකරේ අහිංසක ජීවිත විනාශ කරපු හැටි ඇසින් දුටු සාක්කිය අහන්න.බටලන්දේ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ මේ කතාව අහන්න . දෙවරක් හිතන්න.තරුණ පරපුර දුෂණය කරපු අවලමුන් , සිල් රෙද්දට මුවාවී ,කියන සුරඟන කතා වලට රැවටෙන්න එපා. රනිල් යනු දුසිතයෙකි.මිනීමරුවෙකි.

ජනාධිපති තුමෝ රනිල් නැතුව පාළුද ?




රනිල් ගෙදර යන්න සුදානම් වෙයි














ඒ කියන්නේ..ජන 8 පටන්ගත්ත වැඩේ ඉවරකරලා ඔබතුමා දැන් ගෙදර යන්නත් ලෑස්තියි.යනකොට නටවපු යහපාල "නයා" වත් අරගෙනම යන්න ...

රවුෆ් හකීම් හොර චන්ද පත්‍රිකා තොගයක් සමග මාට්ටු වෙයි . යහ පාලන හොර චන්ද මගඩිය





Yadamini Gunawardena said,
Hiru News Reports "Minister Rauf Hakeem caught transporting 1400+ marked ballot papers in Akurana. All were released without any charge" ... Goo(d) Governance in full swing!!!
ps: reliable sources say that media heads were warned to not report on it!!!


Thursday 13 August 2015

ලංකාවත් 2020 දී ISIS මුස්ලිම් අන්තවාදීන් අතට????? - බී.බී.සී. රූපවාහිනිය අනාවරණය කර ඇත.


2020 දී ශ්‍රී ලංකාවත් අයි එස්‌ පාලනයට?
- සිතියමක්‌ අනාවරණය කරයි

ශ්‍රී ලංකිකISIS  මුස්ලිම් ත්‍රස්තවාදියකුගේ මරණය සහ ඔහුගේ සිය පවුලම  ලංකාවේ පොලිසියට වැලි ගසා පැන යාම, සුළු කොට තැකීම නොකළ යුතුය . දැන් කල යුත්තේ සියලු පරීක්ෂණ මෙහයවමින් ලංකික මුස්ලිම් අන්තවාදී    ත්‍රස්තයන් මුලිනුපුටා දැමීමයි 

2020 වර්ෂය වනවිට අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය පාලනයට ගන්නා බව බී.බී.සී. රූපවාහිනිය අනාවරණය කර ඇත.

Tuesday 11 August 2015

බොදු බලය ගැන අවතක්සේරු කරන්නන්ට පිළිතුරක්


නින්දේ සිටි මැකෝ හදිසියේ අවදි වෙයි



මෙතෙක් කල්, දේශපාලනඥයන්ට සියලු රාජ්‍ය උත්සව  උත්සව වැඩසටහන්  වලට සහභාගිවීමට හැර මැතිවරණයට සතියකට අඩු කාලයක් තිබියදී පහත ප්‍රකාශය කිරීම ලොකුම විහිළුවක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි .

රජය පල්ලි කෝවිල් ගිනි තියයි මිනි මරයි - කොටින්ගේ ජාත්‍යන්තර පැමිණිල්ලක්


කෝවිල් සහ පල්ලි වනසමින් දිගටම ද්‍රවිඩ ජනතාව ඝාතනය වන බව දක්‌වමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත හදිසි සංදේශයක්‌ යවා ඇත.

මේ සාවද්‍ය තොරතුරු ඇතුළත් සංදේශයෙන් ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ඉතා සැලසුම් සහගත ලෙස ද්‍රවිඩ ජනතාව මරා දමන බවත් මෙකී ලිපිය එවන අවස්‌ථාව දක්‌වාම එවැනි ඝාතන සිදුවන බවත් ය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙසත් ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙසත් ඔහු එකී සංදේශයෙන් ඉල්ලා ඇත.

උතුරු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රින් 33 දෙනකු ද ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය වීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටින බව සිවාජිලිංගම් එම සංදේශයෙන් දන්වා තිබේ.

Saturday 8 August 2015

නංගිගේ රෙදි ගලවන යහපාලන ජිප්සියා ....






නංගිගේ රෙදි ගලවන යහපාලන ජිප්සියා ....

මෙන්න යහපාලන " බල පුරවැසියන්ගේ " සැප ....
https://www.facebook.com/Lankawaynews?ref=hl
අනේ මේ වීඩියෝව වැඩිහිටියන් පමණක් බලන්න ..

අහන්න ජිප්සියගේ යහපාලන වචන ටික .https://www.facebook.com/Lankawaynews?ref=hl


මහ අලි 12 ක් චන්දෙන් පසු මහින්දට එක් වෙයි

මහ මැතිවරණයෙන් පසුව එජාප ප්‍රබලයන් 12කගේ සහය සන්ධානයට
මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයන් දොළොස්දෙනෙක් කැමැත්ත පළකර ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේ කැමැත්ත පළ කර ඇති කණ්ඩායමට සිංහල අපේක්ෂකයන් අට දෙනෙක් සහ සිංහල නොවන අපේක්ෂකයන් සිව් දෙනෙක් වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් අතරින් වන්නි දිස්ත්‍රික්කයේ එක් අයෙක් වන අතර මධ්‍යම පළාතේ තිදෙනෙක් වෙයි.මෙම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාලගේ නිවසේදී පසුගිය තුන්වැනිදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචිමාර්ග පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සමග මෙම කණ්ඩායම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Friday 7 August 2015

පාතාලය සමග යහන්ගතවන යහපාලන සමලින්ගිකයෝ

පාතාලය මඬින්න යහපාලන රජය කිසිවක්‌ කර නැහැ
මේ වන විට රට පුරාම අපරාධ රැල්ලක්‌ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. බදුල්ල, ජම්පටා වීදියේ, වත්තල ප්‍රදේශවල පුද්ගලයන් කපා කොටා ඝාතනය කර තිබෙනවා. එසේම බ්ලුමැන්ඩල් පෙළපාලියකට එල්ල වූ පාතාල ප්‍රහාරයත් සමග සාමකාමීව පැවති මහ මැතිවරණයට කළු පැල්ලමක්‌ එකතු වුණා. එම ප්‍රහාරය පාතාල දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ යෑයි එජාපයේම අය කියනවා. වත්තලදී සන්ධාන ආධාරකරුවකු කපා කොටා ඝාතනය කළා. එම ඝාතනය වුණේ පොලිසිය භාර ඇමැතිවරයාගේ ආසනයේදී

UNP හොර චන්ද මාපියාවක ?


ඡන්දෙයි මනාපෙයි ලකුණු කළ ආදර්ශ පත්‍රිකා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුද්‍රණය කර තිබූ සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 14986 ක්‌ කන්තලේ එක්‌සත් ජාතික පක්‍ෂ කාර්යාලය තුළ තිබියදී මැතිවරණ නිලධාරීන් හා පොලිසිය එක්‌ව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ආදර්ශ ඡන්ද පත්‍රිකාවල පක්‍ෂය හා අපේක්‍ෂකයකුගේ මනාප අංක සලකුණු කර තිබී ඇත.මෙම ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගය සමග එම කාර්යාලයේ සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 

Thursday 6 August 2015

ඇයි කැමති නැද්ද ? අපේ දරුවන්හට- තුටු ලොවක් තනන්න

දෙමව්පියනි ඔබගේ දරුවන්ව රැකිය හැක්කේ, සමලිංගික,කොටි හිතකාමී   බලකොටුවකින් නොව, ජාතියක් ජන්මයක් ගැන හිතන රට බේරා ගත්
සිංහ ලෙයට බව අමතක නොකරන්න. 

යහපාලන විස පෙවි - පොලිසිය පිස්සු කෙලි




යහපාලනය හරි භයානක බවත් ඒ හරහා නිලධාරිවාදයක්‌ ඇතිවිය හැකි බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
පොලිස්‌පතිවරයා ද තමාට ලොරි ටෝක්‌ දෙන්න පැමිණි බවත් සේනසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම පොලිස්‌පතිවරයා වහා ඉල්ලා අස්‌විය යුතු බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටියේය. ඔහු මේ අදහස්‌ ප්‍රකාශ කළේ ඊයේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදීය.

හිටපු කොටින්ගේ පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීම වැළකේ

හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීම සඳහා තෝරාගෙන තිබුණේ ප්‍රභාකරන් විසින් කබල් අවි කීපයක්‌ ඉන්දීය සාම හමුදාවට බාරදී රජිව් ගාන්ධි රැවටූ ස්‌ථානය යෑයි හෙළි වී ඇත.
මනිපායිහි පිහිටි සුදුමලායි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී එම මැතිවරණ ප්‍රකාශනය එළි දැක්‌වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.ප්‍රභාකරන්ගේ ප්‍රධාන රැකවලා වූ සිවනාදන් රවිනද්‍රා හෙවත් වෙන්ඩන් විසින් මෙම මැතිවරණ ප්‍රකාශනය එළි දැක්‌වීමට නියමිතව තිබූ බව වාර්තා වේ. එය චන්ද ගුන්ඩුවක් ලෙස  එක්සත් ජාතික පෙරමුණ මගින් නැවැත්වුවේ යැයි සිවිල් පෙරමුණු අදහසයි. 

Wednesday 5 August 2015

රන්ජන් සාහිත්‍ය කතා කොට නෝන්ඩි වෙයි

 මුනිදාස කුමාරතුංග මැතිතුමන් වළෙන් නැගිටින කථාවක් මෑතදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකදී අසන්නට ලැබිණි. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් හා උගතුන් යැවිය යුතු යැයි නැගෙන හඬ තවත් තීව්‍ර කරමින් පැවැති එම විවාදයේදී එජාප හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසූයේ ගෙවිඳු කුමාරතුංග මහතාගේ (සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක) පියා වගේ රටම පිළිගත් පඬිවරයකුට ඔබ අපහාස කරන්නේ. ඇයි ඔබ ඔබේ පියාවන කුමාරතුංග මහතාට අපහාස කරන්නේ? මෙවැනි ජාතිවාදී කථා කීම හරිදැයි ඔහු ඇසුවේය.
රන්ජන් නාට්‍යයක රඟ නොපාන බව තේරුම්ගත් ගෙවිඳු කීවේ මුනිදාස කුමාරතුංග මහතා මගේ සීයා යනුවෙනි. නියම රංගන ශිල්පියකු සේ රන්ජන් ඒ කථාවෙන් ලිස්සා ගියේය. මුනිදාස කුමාරතුංගගේ පුත් පුණු කුමාරතුංගගේ පුතා ගෙවිඳු කුමාරතුංග බව ඔහු දැන නොසිටියේය.

Tuesday 4 August 2015

හිටපු කොටි 9ක් මැතිවරණ තරග බිමේ- ජාතික ආරක්ෂාව අනතුරේ ?


කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන් ඇතුළු එම සංවිධානයේ හිටපු සාමාජිකයින් නම දෙනකු ලබන 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා තරඟ කරන බව ‘‘ ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’’ පුවත්සේවය ඉරිදා (03) වාර්තා කළේය

Sunday 2 August 2015

රනිල් අටවන උගුල් සහ කෙටුම්පත්




කුඹුර කොටනකොට පණුවෝ මැරෙනවානේ... ඉතින් පණුවෝ මැරෙනවා කියලා අපේ ගොවීන් කුඹුරු කොටන්නෙ නැතුව හිටියොත් බඩගින්නෙ මිනිස්‌සු මැරෙනවා. වැඩක්‌ නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්න හුඟක්‌ දෙනකුට වැඩ කරන මිනිහගෙ වැරදි විතරයි පේන්නෙ

ලංකාවට කොකා ගැස්වීමට හැදු කොටි වෑයම පුස්සක් වෙයි?


එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට අයත් රටවල් කීපයක සහාය මත ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධානියකු වූ පිල්ප්පේ බොලෝසියන් දැරූ උත්සාහය මහලේකම් බැන් කී මූන් විසින් ව්‍යර්ථ කර ඇත.

Saturday 1 August 2015

රනිල්ගේ කොටි නිරුවත සහ රට බෙදීමේ තුප්පහි සම්මුතිය


එජාප අපේක්ශිකාවගේ ප්‍රචාරක රථය මෙය වේ....

මෙහි ඉලාමි කලාප වෙනම දැක්වේ

රටටම පෙනෙන්න share කරන්න....

රනිල් ගේ තුප්පහි රට බෙදීමේ සම්මුතිය ගැන වෙන සාක්කි අනවශ්‍යය .



සැබවින්ම ඔබ පැතු යහාපාලනය මෙයද....
මෙය ශෙයර් කර රටටම පෙන්වන්න