ෂයිලොක් නම් වූ යුදෙව්වා මස් රාත්තලම ඉල්ලූ අයුරින් ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර සඳහා බලය ලබා ගැනීමට උත්සාහ කරන බව මැතිවරණ ප්‍රකාශනයෙන් සනාථ වෙයි. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යාපනයේදී පැවසුවේ සියයට පනහ පනහා අවශ්‍ය බවයි. ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල සමඟම පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය කියා සිටී.
Friday, 31 July 2015
කොටින්ට රට දෙන්න රනිල් සුදානම්
ෂයිලොක් නම් වූ යුදෙව්වා මස් රාත්තලම ඉල්ලූ අයුරින් ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර සඳහා බලය ලබා ගැනීමට උත්සාහ කරන බව මැතිවරණ ප්‍රකාශනයෙන් සනාථ වෙයි. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යාපනයේදී පැවසුවේ සියයට පනහ පනහා අවශ්‍ය බවයි. ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල සමඟම පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය කියා සිටී.
Thursday, 30 July 2015
Tuesday, 28 July 2015
ගස් වටේ ලව් කර වැඩ වැරදේ
යාපනේ මල්වතු නැහැ. කැරකි කැරකී නටන්න මල් වතු නෑ. බලන්න සෙනසුරාදා, ඉරිදා දවස්‌වලට වි හාර මහාදේවි උද්‍යානයේ ගාලු මුවදොර ප්‍රවේශ පත්‍ර ඉවරයි. හවුස් පුල් උදේ 7.00 වන විට මේ තත්ත්වය බලන්න පුළුවන්. එක ගහයට ජෝඩු හතයි අටයි. මොනතරම් එකගහක් යට හිරවෙලා ඉන්නවද කිව්වොත් දවසක් පිරිමි ළමයෙක් තමන්ගෙ යාලු ළමයට කියල චොකලට් එක කවල තියෙන්නෙ වෙන ළමයෙකුට. මල්වතුවල ඒ තරම් තද බදේ.
Monday, 27 July 2015
රනිල් රට බෙදන්න හදයි
ජවිපෙයි එජාපෙයි පක්ෂ දෙකක් නොවේ : එකම පක්ෂයක්‘
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකක් බවත් රවුෆ් හකීම්, සම්බන්ධන්, අසන් අලී, සුමන්තිරන් වැනි සුළු පක්ෂ නියෝජිතයන් අපේක්ෂා කරන වෙනම රාජ්‍ය ලබාදීමට වුව රනිල් වික්‍රමසිංහ මහතා එකඟවනු ඇතැයිද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
රනිල් කැසිනෝ බදු නොගනී - Much advertised casino tax not collected .
The UNP-led government had failed to make good its promises as it had failed to collect Rs. 65 billion in taxes especially from casinos, former Badulla District United People’s Freedom Alliance MP, Dilan Perera said.
Perera, who is now on the UPFA national list, challenged the government to prove it had made an attempt in the supplementary budget to boost the state revenue through taxes on casinos and luxury houses. "Not even a gazette has been issued there in this regard," he told a media briefing at the Opposition Leader’s Office in Colombo yesterday.He said Prime Minister Ranil Wickremesinghe was also responsible for bond scam at the Central BankThe import of ethanol had increased twofold during the last six months and 28 new licences had been issued since UNP came to power in January, the former Minister said.
He alleged that there two ethanol dealers among UNP candidates, one on the National List and the other in the fray.
Sunday, 26 July 2015
බොරු යුද අපරාධ පෙත්සමට මුවාවී 840 ක් දේශපාලන රැකවරණ ඉල්ලති
මෙරට ජනතාව මැතිවරණය දෙස යොමු වී තිබියදී ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස කටයුතු කළ විශ්වනාදන් රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යැම සඳහා අත්සන් දස ලක්‍ෂයක් ලබා ගැනීමේ මෙහෙයුම ව්‍යාප්ත කර ඇත. මෙලෙස අත්සන් ලබා ගන්නේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමටයි.
දෙමළ ජනතා සන්ධානයේ නායකයෝ සියදිවි හානි කර ගත යුතුයි
සිංහල දිසාපතිලා එපා කියන සිංහල ආණ්‌ඩුකාරයෝ එපා කියන හමුදාව එපා කියන දෙමළ ජනතා සන්ධානය 2010 දී මොකද කළේ ජෙනරාල් සරත් පොන්සේකාට ඡන්දය දෙන්න කිව්වා. මොකක්‌ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය කාවද මේ රවට්‌ටන්නේ. ඔවුන් රවට්‌ටන්නේ සමස්‌ත දෙමළ ජනතාවයි. එතකොට මම ද දෙමළ ජාතියේ ද්‍රෝහියා හතුරා දෙමළ ජාතික සන්ධානයද?
ඔවුන් මේ විදිහට දෙමළ ජනතාවත් එක්‌ක සෙල්ලම් කරලා තමයි ඔවුන් සැපවිඳින්නේ පක්‍ෂයක් විදිහට ඔවුන් තාන්න මාන්න අරගෙන සල්ලි අරගෙන දෙමළ ජනතාව මුලා කරනවා . පක්‍ෂයක් විදිහට ඔවුන් ලැඡ්ජා වෙන්න ඕනේ. මම නම් කියන්නේ දෙමළ ජනතා සන්ධානයේ නායකයෝ තමන් විසින්ම සියදිවි හානිs කර ගෙන මැරෙන්න ඕනේ. දෙමළ ජනතාවට කළ මේ ද්‍රෝහිකමට වන්දි ගෙවන්න.සල්ලි ගන්න එපාලු : ගත්තට කමක් නෑලු

රාජපක්ෂ රජය පාසල්වල මුදල් අයකර රිසිට් ලබානොදීමත්, මෛත්‍රී රජයෙන් මුදල් ලබාගෙන රිසිට්පත් නිකුත් කිරීමත් සැබෑ වෙනසක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙන්තර ගෝනගල පැවැති ජනහමුවකදී විමසීය.
අධ්‍යාපනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කර පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් අත්‍යාවශ්‍ය ගාස්තු අය කළාට කමක් නැත යනුවෙන්ද සඳහන් කර ඇතැයි ඔහු පැවසීය.
Saturday, 25 July 2015
බලලා මල්ලෙන් පැන්නා
ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්‌කෘතික උළෙලක් ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්‌වරූපය අනාවරණය කළේය.ඒ 1985 භූතානයේ තිම්පුහිදී ඉදිරිපත් වූ තිම්පු සම්මුතිය හෙවත් තිම්පු ප්‍රකාශනය මත දෙමළ ජනතාවට ස්‌ථීර විසඳුමක් දිය යුතු යෑයි ඉල්ලීමක් කරනු ලැබීයමයි.කරුණු හතරකින් යුත් තිම්පු ප්‍රකාශනය මෙසේය.
1. ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම.
2. ද්‍රවිඩ නිජබිම පිළිගැනීම.
3. ස්‌වයංපාලනය පිළිගැනීම.
4. ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම.
බලලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ කරමින් විග්නේශ්වරන් මේ සැලසුම් කරන්නේ ඉන්දියාව මැදිහත්ව පැවැත් වූ තිම්පු සාකච්ඡා වසර 30 කට පසු යළි කරළියට ගෙන ඒමටය.
2. ද්‍රවිඩ නිජබිම පිළිගැනීම.
3. ස්‌වයංපාලනය පිළිගැනීම.
4. ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම.
බලලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ කරමින් විග්නේශ්වරන් මේ සැලසුම් කරන්නේ ඉන්දියාව මැදිහත්ව පැවැත් වූ තිම්පු සාකච්ඡා වසර 30 කට පසු යළි කරළියට ගෙන ඒමටය.
එජාප මැතිවරණ ප්‍රකාශය කෛරාටික උපක්‍රමයක්
එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශය ජනතාවගේ මනසට කෛරාටික ලෙස සමීප වීමට ගත් උපක්‍රමයක් මිස එහි වෙනත් කිසිවක් නොමැති බව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයකු වන වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.
රැකියා දස ලක්‍ෂයක් ඇති කරන බව කීවද එජාපය සැබවින් කළේ හැට දහසක් එකවර රැකියාවලින් ඉවත් කිරීම හා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම බවද නානායක්‌කාර මහතා කීවේය. අධ්‍යාපනයට සියයට 06 ක් වෙන් කරන බව කීවත් මෙවර වෙන් කළේ සියයට 01 ක් පමණක් යෑයිද පැවසීය. රටේ සියලු සංවර්ධනය නවත්වා ආර්ථික දියුණුවද බිමට පතිතකර ඇති එජාපයේ මේ පංචවිධ ක්‍රම ජනතාව රවටන හිස් ලියවිල්ලක් පමණකැයිද වාසුදේව නානායක්‌කාර මහතා කියා සිටියේය.
මුහුදු කොටි නායක බිරිඳගෙන් ටී.එන්.ඒ.එකට ටොක්‌කක්
ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය වූ එස්. සිවනේෂන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.ඇය කළ මෙම ප්‍රකාශය ද්‍රවිඩ සන්ධානයට එල්ල වූ අතුල්පහරක් යෑයි දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.පුදුකුඩිඉරිප්පුහි පිහිටි සුසෙයිගේ නිවස රජයෙන් භාර ගැනීමේ අවස්‌ථාවට සහභාගි වූ ඇය මේ බව පවසා ඇත.පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම නිවස භාරදීමේ කටයුතු සිදුවී තිබේ.එස්. සිවනේෂන් නැඟෙනහිර කොටි හමුදා නායකයාව සිටි විනයගමූර්ති මුරලිදරන්ගේ (කරුණා) නැඟණියයි. මෙයට පෙර තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේකා ද ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී තිබූ යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.
Friday, 24 July 2015
එජනිස රජයක් යටතේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප රු.35,000ක් කරනවා
එක්‌සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක් කිරීමෙන් පසු දීමනා රුපියල් 10,000 ත් සමග සම්පූර්ණ වැටුප වශයෙන් රුපියල් 35,000 ක් ලැබෙන බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මෙයට පැය 48 කට පෙර අග්‍රාමාත්‍ය අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පොරොන්දුව ප්‍රසිද්ධියේ ලබාදීමත් සමග රාජ්‍ය සේවකයන්ට කිසිදු සහනයක් අත්කර දීමට කටයුතු නොකළ එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එකවර හීනෙන් නැගිට රාජ්‍ය සේවක වැටුප රුපියල් 31,000 ක් කරන බවට අතාර්කික ප්‍රකාශයක් කරන බවද හෙතෙම සඳහන් කළේය.ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි
පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ බව ඒ මහතා පවසයි.
එම අස්වීමේ ලිපිය කවියෙන් ලබාදී තිබීම විශේෂත්වයකි.කවි 11කින් සමන්විත ඉල්ලා අස්වීමේ ලිපියෙන් තමා ජනපතිට කරුණු පැහැදිලි කර ඇතැයි තෙන්නකෝන් මහතා කියයි. නාම යෝජනා බාර දීමෙන් පසු ජනපති කළ කථාව වගේම එජාපය සමග හවුලේ ගෙන යන ක්‍රියාදාමය වැනි හේතුන් ගණනාවක් තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව ඔහු සඳහන් කරයි.
‘‘පවසන්නෙමි ජනපතිඳුනි මේ වැකිය
සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි හැටිය
නවතින්නෙමි මේ ලෙස ගමනක් නැතිය
පිළිගන්වමි මගෙ අස්වීමේ ලිපිය‘‘
Thursday, 23 July 2015
ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා බොරුවෙයි
බොකෝහාරම් ත්‍රස්‌ත කණ්‌ඩායමට ශ්‍රී ලංකාවෙන් අවි ආයුධ සැපයුණු බවට එල්ලවූ චෝදනා බොරුවක් බවට සනාථ කරමින් එකී ත්‍රස්‌තයන්ට අවි සැපයීම ගැන නයිජිරියානු ජනරාල්වරු දහයක් වැරදිකරුවන් වී ඇත.
බොකෝහාරම් ත්‍රස්‌තයන්ට අවි ආයුධ සැපයෙන්නේ ලිබියාව, චැඩ් සහ කැමරන් ආයුධ ජාවාරම් කරුවන්ගෙන් යෑයි ඇමරිකානු එච්. බී. සී රූපවාහිනිය හෙළි කරයි. මෙකී චෝදනාව ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් ද ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම ත්‍රස්‌තයන්ට ශ්‍රී ලංකාවෙන් අවි සැපයුණු බවට චෝදනා එල්ලවූයේ යහපාලනයේ දේශපාලනඥයෙකුගෙනි.
බොකෝහාරම් ත්‍රස්‌තයන්ට අවි ආයුධ සැපයෙන්නේ ලිබියාව, චැඩ් සහ කැමරන් ආයුධ ජාවාරම් කරුවන්ගෙන් යෑයි ඇමරිකානු එච්. බී. සී රූපවාහිනිය හෙළි කරයි. මෙකී චෝදනාව ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් ද ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම ත්‍රස්‌තයන්ට ශ්‍රී ලංකාවෙන් අවි සැපයුණු බවට චෝදනා එල්ලවූයේ යහපාලනයේ දේශපාලනඥයෙකුගෙනි.
අක්‌කර 5000 ක් විනාශ වීමේ තර්ජනයක - වී වගාවට ජලය ඉල්ලා මැදිරිගිරියේ උද්ඝෝෂණයක්
මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්‌කර 5000 ක පමණ වී වගාව ජලය නොමැතිව විනාශවී යැමේ තර්ජනයකට ලක්‌ව ඇති හෙයින් එම කුඹුරුවලට වහාම ජලය ලබාදෙන ලෙස ඉල්ලා මැදිරිගිරියේ ගොවීහු 250 ක් පමණ ඊයේ 21 පෙරවරුවේ මැදිරිගිරිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැති මෙම උද්ඝෝෂණය පෙරවරු 10.00 පමණ සිට පැය 03 කට අධික කාලයක් පැවැති අතර මේ හේතුවෙන් මැදිරිගිරිය - හිඟුරක්‌ගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයද ඇනහිට තිබුණි.
Wednesday, 22 July 2015
රාජිතගේ තවත් ගොන්කමක්- යුරෝපා තහනමෙන් කෝටි 1000ක් අහිමිවෙලා
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ මහත්මිය අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
මෙරට ධීවර යාත්‍රාවන් ජාත්‍යන්තර මුහුදු සීමාවන් සම්බන්ධයෙන් වන අධීක්ෂණය, පාලනය, නිරීක්ෂණය සහ නෛතික යන අංශවලට අදාළව කටයුතු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ජනවාරි 14 වැනිදා මෙම තහනම පැනවිණි.තහනම ඉවත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන අධ්‍යයනයට හා සාකච්ඡාවට එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබරයේදී ලංකාවට පැමිණීමටද නියමිත බව ඇය කීවාය.
රනිල් යාපනයේ ගිහින් දින ගණන් නවතින්නේ මම රට නිදහස් කරදුන් නිසයි.
මම බොරු කියන්නේ නැහැ. කොටින්ගෙන් රට නිදහස් කරදෙන බවට පොරොන්දුවක් දුන්නා. මම ඒ පොරොන්දුව ඉටු කළා. අද රනිල් යාපනයේ ගිහින් දින ගණන් නැවතිලා ඉඳලා එනවා. ඒ මම නිදහස් කරදුන් රට නිසයි. නමුත් ඒ දේ කරලා දුන්නේ කවුද කියා රනිල් කියන්නේ නැහැ. රනිල් කරන්නේ මට හොරා කියා බැනීම පමණයි. බැංකු හොරකමින් හොරකම් කළේ කවුද කියලා අද මුළු රටම දන්නවා. මට හොරා කියා රනිල් ආණ්‌ඩුවේ හොරු තවම රජකරනවා. රවි කරුණානායක විනාශ කරපු ස.තො.ස., රක්‍ෂණ සංස්‌ථාව බේරා ගත්තේ මම. ඒවා හොරකම් වශයෙන් පිළිගන්න රනිල් කැමති නැහැ. දින සියයට හොරකම මෙහෙම නම් අවුරුදු පහකට දුන්නොත් කොහොම කරාවිද?
එජාපයේ වැඩ නිසා ඇමතිවරු ඉල්ලා අස්වෙති?
Saturday, 18 July 2015
මහින්දට ජීවිත තර්ජනයක් ?
හිටිහැටියේ එන්ජීඕවකට කෝටි 17කුත් එයි


වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදයේ ගණිකා මඩුවෙන් දේශපාලනය අරඹා දැන් ඉණිමඟට පයින් ගසන න්‍යායක සිට "අපි පිරිසිදුයි" කියන අන්දමින් පති දම් රකින්නට සැරසෙන ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති හමුවේ මේ වන විට උතුරේ දේශපාලනය තුළ සිදුවෙමින් තිබෙන දේ බොහෝය.
|
ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන ශිවාජිලිංගම් |
ඒ අතරින් එක් ප්‍රබලම සිදු වීමක් වූයේ දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් හිටපු කොටි කණ්‌ඩායමක් "ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්" යෑයි පවසමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටීමය.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේයෑයි කීවද දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් මෙතෙක් කිසිවක්‌ම සිදු කර නොමැති බව කියමින් හිටපු කොටි රැළ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේයෑයි කීවද දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් මෙතෙක් කිසිවක්‌ම සිදු කර නොමැති බව කියමින් හිටපු කොටි රැළ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.
Friday, 17 July 2015
ජනපති තම ප්‍රකාශයෙන් රනිල්ට 'පන්සල් ටොක්‌කක්' ඇන්නා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ විශේෂ ප්‍රකාශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට "පන්සල්" ටොක්‌කක් ඇන ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් "මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්‌වන්න යෑයි අගමැතිවරයාට මම පැවසුවා" යෑයි ජනාධිපතිවරයා සඳහන් කිරීම බැඳුම්කර වංචාවක් සිදුව ඇති බව පිළිගැනීම යෑයිද හෙතෙම කියා සිටියේය.
වෙනත් දෙයකට යොමු වූ පමණින් හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩු කිරීමට බැහැ
Wednesday, 15 July 2015
ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි
මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.මෙහි පැහැදිලි සොරකමක් සිදුවී තිබෙන බවද එය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දත්ත තිබෙන බවද මහ බැංකු හිටපු අධිපතිවරයා කීවේය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක් - මෛත්‍රී අනුමැතිය නැතිව රැස්වෙන්න බෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි.මේ මෛත්‍රීගේ යහපාලන පක්ෂ රැකීම නොහොත් SLP රැකගැනීමේ නවතම ක්‍රම වේදයේ අරම්භයයි.මේ සෙල්ලම ඇරඹුම පමණි .හොද හොද සෙල්ලම් ඔහු ළඟදීම රඟ දක්වනු ඇත .
Tuesday, 14 July 2015
වතුකම්කරුවන් වල් ගලවයි
ජනපති කතාවට ජනක කලකිරෙයි
මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (14) කළ ප්‍රකාශය ගැන දැඩි ලෙස කලකිරීමකට පත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවා ඊළඟට ගත යුතු පියවර තීරණය කළ යුතු බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය නිවසේදී අද හදිසි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.
Monday, 13 July 2015
රතන හාමුදුරුවන් ගැන පාටලී ගැන UNP ලංකා ඊ නිව්ස්, වාසියට ගෙතු කතාවේ සාක්කි මෙන්න
![]() ![]() |
ලංකා ඊ නිව්ස් පල කළ ජයාරුපයකි (2015-06-16 22:57:42) http://lankaenews.com/news/506/en |
![]() |
ලංකා ඊ නිව්ස් පල කළ ජයාරුපයකි Lanka enews (2015-07-10 12:11:59) http://lankaenews.com/news/2238/si |

Athuruliye Rathna who has robed and covered himself is only to get protection from the dengue mosquito but not to be ashamed of inviting the Rajapaksa’s back to politics. The latter convening a media discussion said that it is important to pass the still undecided 20th amendment somehow at least through another government.
චම්පිකට බයටම වැදෙයි .
මහබැංකු බැඳුම්කර වංචාව කෝප් වාර්තාවෙන් හෙළිවන නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කළේ යෑයි චෝදනා කළ රණවක මහතා එම එජාපයට බලය ලබාදීමේ අරමුණින් සන්ධාන ගත වීම ස්‌ත්‍රී දූෂකයන් සමග එක්‌වී කාන්තා විමුක්‌ති පෙරමුණක් සෑදීමක් හා සමානයෑයි ද ගම්මන්පිල මහතා කීවේය.
සන්ධානය දෙකඩකර එජාපය බලයට ගෙන ඒමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවය කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළ රණවක මහතා දැන් සැබෑ කුමන්ත්‍රණ කරුවන් කවුද යන්න සමාජය හමුවේ ඔප්පු කර අවසන් යෑයිද ගම්මන්පිල මහතා පැවසීය.
සන්ධානය දෙකඩකර එජාපය බලයට ගෙන ඒමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවය කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළ රණවක මහතා දැන් සැබෑ කුමන්ත්‍රණ කරුවන් කවුද යන්න සමාජය හමුවේ ඔප්පු කර අවසන් යෑයිද ගම්මන්පිල මහතා පැවසීය.
සන්ධානයෙන් ගිය අය මැතිවරණයෙන් පසු එකතුවෙනවා
‘රතන හාමුදුරුවෝ, පාඨලි චම්පික ඇමැතිතුමා, රාජිත සේනාරත්න ඇමැතිතුමාල සමාජ පරිවර්තනයක, සමාජ විප්ලවයකට ඉලක්කයක් ඇතිව රටේ ජනතාව මෙහෙයවන්න, රට මෙහෙයවන්න විශාල කැපකිරිම් හා පරිත්‍යාග කළ අය. මේ අය හෙටත් රටට වටිනවා‘
Sunday, 12 July 2015
රාජිතලා චම්පිකලා "අලිය"ගෙන් ඒම අභියෝගයක් නොවේ
රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇතුළු පිරිස එක්‌සත් ජාතික පක්‌ෂයේ අලියා ලකුණින් තරග කිරීම එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු අභියෝගයක් නොවන බවත් සන්ධානය ඉදිරි මහ මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබන බවත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා (12වැනිදා) කොළඹ 07, විපක්‍ෂ නායක කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
Subscribe to:
Posts (Atom)