Thursday 30 July 2015

කොටින්ට උතුර දෙන්න UN සුදානමක්

හදිසියේ අනාවරණය වූ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස්‌ ලියවිල්ල ඊයේ ප්‍රකාශයට පත් වී තිබේ.

එකී රහස්‌ ලියවිල්ලට අනුව දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව නම් කරනු ලැබ ඇත.

කවරක්‌ නමුත් ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මෙතෙක්‌ ප්‍රකාශයට පත්කර නැත.

දේශීය යාන්ත්‍රණය සඳහා තමාගෙන් උපදෙස්‌ විමසීමට ද එක්‌සත් ජාතීන් මෙතෙක්‌ කටයුතු කර නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා චැනල් ෆෝ රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් ඩොලර් පන්ලක්‍ෂයක මුදලක්‌ උතුරු පළාත් සභාවට ලබා දීමට කැමැත්ත පළකර ඇත.

මේ සියල්ල හෙළිදරව්වන්නේ බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය විසින් අදාල ලියවිල්ල එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සොරාගෙන ඇති තතු යටතේය.

දේශීය යාන්ත්‍රණය සම්බන්ධව මෙම රහස්‌ ලියවිල්ල චැනල් ෆෝ රූපවාහිනියට ලබා දී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කාර්යාලයේ සිටින කොටි හිතවාදියකු විසින් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment