Friday 24 July 2015

ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි


පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ බව ඒ මහතා පවසයි.
එම අස්වීමේ ලිපිය කවියෙන් ලබාදී තිබීම විශේෂත්වයකි.
කවි 11කින් සමන්විත ඉල්ලා අස්වීමේ ලිපියෙන් තමා ජනපතිට කරුණු පැහැදිලි කර ඇතැයි තෙන්නකෝන් මහතා කියයි. නාම යෝජනා බාර දීමෙන් පසු ජනපති කළ කථාව වගේම එජාපය සමග හවුලේ ගෙන යන ක්‍රියාදාමය වැනි හේතුන් ගණනාවක් තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව ඔහු සඳහන් කරයි.

‘‘පවසන්නෙමි ජනපතිඳුනි මේ වැකිය

සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි හැටිය

නවතින්නෙමි මේ ලෙස ගමනක් නැතිය

පිළිගන්වමි මගෙ අස්වීමේ ලිපිය‘‘



අතත් පත් දිගහැර මිනිසුන් ලෙසට

රටත් දැයත් රැකගෙන ආවෙමි පෙරට

සිතත් කයත් ශ්‍රී ලංකා නැත පිටට

එයින් තොරව ගමනක් නෑ මේ රටට



හෙළිකළ රටම පොදුජන සළකුණය අත

වැඩකළ කරන හදවත් වල රැඳී ඇත

නිලතල නැතිව එය රැකගත් දඹුලු පුත

කවිකොළ ලියූ ටී.බී. බව හදේ ඇත



නිරතුරු දඹුල්ලේ අව් වැසි හිරු අපට

අනතුරු පමණි එනමුත් නොසැලී පෙරට

රජවරු කරපු ගොවි පරපුර ඇත මෙමට

තනතුරු මොටද මහජන සේවෙට අපට



බරිතය පෙමින් මගෙ පියවෙන තුරුම නෙතූ

නියතය වෙනස් නොම වේ අද මෙන්ම මතූ

අයිතිය පොදුජනගෙ එය සුරැකුමයි යුතූ

චරිතය නොවෙයි මට මගෙ පක්ෂයයි ලොකූ



‘‘ඇත්තයි මුළු රටම හඬගානා පුවත

තිත්තයි කොළ පාට රටටම කළ විපත

කැත්තයි උදැල්ලයි හුරු මිනිසගෙ සැපත

සත්තයි හදනවා නිල් යුගයක් නැවත‘‘



‘‘නිරතුරු දඹුල්ලට සිරි සැප ගෙන දැම්මා

තනතුරු නැතත් වැඩ කරනෙමි නැත නිම්මා

පක්ෂය නැතිව මොන දේ දුන්නත් නම්මා

ලක්ෂය දුනත් පාවා දෙනවද අම්මා‘‘



ගතිමි කළෙමි මැතිකම් නිල් යුගය පතා

සිතමි පතමි නිල් හදවත් ගැනම ඉතා

සිතිමි පැතිමි ඔබටත් කැක්කුමක් ඇතා

දකිමි විඳිමි ඔබ පක්ෂය සමග නැතා



‘‘කියනෙමි ඔබට සිත ළතැවුල් ඉවත දමා

තවමත් ඔබට හැක එක්වනු නොමැත පමා

අගමැති සමග නුදුරෙම එමි වන්න සමා

අද යමි දඹුල්ලට තනතුරු මෙහිම දමා‘‘



‘‘බුලත් කොළය යළි රට මුදුනට ගෙනෙමු

සුරත් ලකුණෙ මහින්ද අගමැති කරමු

මළත් දුකක් නෑ පක්ෂය මත මැරෙමු



යළිත් රළපෙළක් මුහුදක් වී නැගෙමු‘‘

No comments:

Post a Comment