Friday 17 July 2015

වෙනත් දෙයකට යොමු වූ පමණින් හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩු කිරීමට බැහැ





හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් එම ආරක්‍ෂාවේ අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. කෙසේ නමුත් ආරක්‍ෂකයන් තම ආරක්‍ෂාවට හැර වෙනත් කටයුතුවලට නොයොදවන ලෙස මහ මැතිවරණයට තරග කරන හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබවද කොමසාරිස්‌වරයා 16දා මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොමසාරිස්‌වරයා මේ පිළිබඳව තමාට පැමිණිල්ලක්‌ ලැබුණු බවත් මීට පෙර මෙවන් අවස්‌ථාවක්‌ උදා වී නොමැති බවත් යම් ජීවිත තර්ජනයක්‌ ඇති බවට තහවුරු කරමින් යම් පක්‍ෂ නායකයකු ආරක්‍ෂාව ඉල්ලා සිටියහොත් එම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ යුතු බවත් කොමසාරිස්‌වරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරියද ඇමැතිවරුන්ට පමණක්‌ එහි වරප්‍රසාද ලබාගත හැකි බව කී කොමසාරිස්‌වරයා සෙසු සියලු දෙනාට සමසේ සලකා කටයුතු කිරීමට කටයුතු කරන බව කීය.

එමෙන්ම කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්‍ෂ නායක හා ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න හා ආර්. සම්බන්ධන් යන අයගේ රාජකාරි අවශ්‍යතා සලකා බලා වරප්‍රසාද ලබාදීමටද ක්‍රියා කළ බව කීය.

No comments:

Post a Comment