Tuesday 14 July 2015

උපාධිධාරීන් 7500කගේ පත්වීම් රවි නිසා අහිමි වෙයි!

රැකියා අහිමි උපාධිධාරීනට යහපාලන ආණ්ඩුව යටතේ හිමිවීමට තිබූ රජයේ රැකියා 7,500ක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ක්‍රියාකලාපය නිසා අහිමි වී ගියේ යැයි රැකියා අහිමි උපාධිධාරී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවයේ විවිධ ස්ථානවල පුරප්පාඩු 7,500ක් ඇති බවට තමන්ට සඳහන් කළ බවත් අනතුරුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී පුරප්පාඩු තිබෙනවා නම් උපාධිධාරීන් සඳහා එම රැකියා ලබා දීමට එකඟ වූ අතර පසුව ඔහු එය මඟහරිමින් කල් මරමින් සිටියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම අවස්ථාවේ හිමි වීමට තිබූ රැකියා 7,500 අහිමි වී ගිය බවත් හපුආරච්චි මහතා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කෙළේය.
ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව තේරී පත්වන ආණ්ඩුව රැකියා අහිමි උපාධිධාරීන්ට හිමි එම රැකියා ලබා දීමට කටයුතු කළයුතු බවත් එම රැකියා ලබා දෙන තුරු රැකියා අහිමි උපාධිධාරීන් කොළඹට ගෙන්වා උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ ව්‍යාපාරයන් ආරම්භ කරන බවත් හෙතෙම අවධාරණය කෙළේය.
උපාධිධාරීන් සඳහා පුරප්පාඩුව පවතින රැකියා සඳහා සුදුසුකම උපාධි හිමිකම වන අතර ඒ සඳහා දේශපාලනඥයන්ගේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ ලිපි අවශ්‍ය නොවන බවත් එම තත්ත්වය වෙනස් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් හෙතෙම මෙහිදී කියා සිටි

No comments:

Post a Comment