මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්‌කර 5000 ක පමණ වී වගාව ජලය නොමැතිව විනාශවී යැමේ තර්ජනයකට ලක්‌ව ඇති හෙයින් එම කුඹුරුවලට වහාම ජලය ලබාදෙන ලෙස ඉල්ලා මැදිරිගිරියේ ගොවීහු 250 ක් පමණ ඊයේ 21 පෙරවරුවේ මැදිරිගිරිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැති මෙම උද්ඝෝෂණය පෙරවරු 10.00 පමණ සිට පැය 03 කට අධික කාලයක් පැවැති අතර මේ හේතුවෙන් මැදිරිගිරිය - හිඟුරක්‌ගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයද ඇනහිට තිබුණි.
ගොඩපොත්ත, වඩිගවැව, පතොක්‌වැව, පඹුරාන, පල්ලියගොඩැල්ල ආදී ගම්මානවල සුළු ගොවි සංවිධානවලට අයත් ගොවීහු මෙම උද්ඝෝෂණයට එක්‌ව සිටියහ.
මේ වනවිට අක්‌කර 300 ක් පමණ ජලය නොමැතිකමින් මුළුමනින්ම විනාශවී ගොස් ඇතැයිද, ඉතිරි වී වගා කඩිනමින් ජලය ලබා නොදුනහොත් නියත වශයෙන්ම එම වගාවද විනාශවනු ඇති බවද ගොවීහු මෙහිදී ප්‍රකාශ කළහ.
මැදිරිගිරිය කලගෙඩි පාලම මතට පැමිණ ප්‍රධාන මාර්ගයද අවහිරවීමෙන් ගොවීහු උද්ඝෝෂණයේ නිරතව සිටින අයුරුයි මේ.

No comments:
Post a Comment