Friday 31 July 2015

කොටින්ට රට දෙන්න රනිල් සුදානම්













ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය

ෂයිලොක්‌ නම් වූ යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලූ අයුරින් ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර සඳහා බලය ලබා ගැනීමට උත්සාහ කරන බව මැතිවරණ ප්‍රකාශනයෙන් සනාථ වෙයි. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යාපනයේදී පැවසුවේ සියයට පනහ පනහා අවශ්‍ය බවයි. ඉඩම්, පොලිස්‌ හා අධිකරණ බලතල සමඟම පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය කියා සිටී.

සිය අභිමතාර්ථ ඉෂ්ට කර ගනු පිණිස උතුරින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර ඇත. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ බවට පත් කරන්නැයි ද්‍රවිඩ සංධානය ඉල්ලා ඇත්තේ උතුරේ ජනතාවට කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දුෂ්කර නිසා නොවේ. ඒ ඔවුන්ගේ ස්‌වයංපාලන ක්‍රමවේදයට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ද අවශ්‍ය නිසාය. මේ ඉල්ලීම මෙයට පෙර ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් අතර නොතිබුණි. එසේම ද්‍රවිඩ සංධානය ප්‍රභාකරන් සිදු කළ මිනිස්‌ ඝාතන වසන් කර උතුරේ අර්බුදයෙන් ද්‍රවිඩයන් 150000 ක පිරිසක්‌ මියගිය බව දන්වා ඇත. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම ගැන වචනයක්‌වත් සඳහන් නොකරන ද්‍රවිඩ සංධානය හමුදාව සංහාරයක්‌ දියත් කළ බවත් එහි අවසාන අදියරේදී ද්‍රවිඩයන් 70000 කට වඩා මරුමුවට පත් වූ බවත් සඳහන් කර ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව දියත් වූ හමුදා මෙහෙයුම ද්‍රවිඩ සංධානය නම් කර ඇත්තේ හමුදා සංහාර මෙහෙයුම නමිනි.

මේ හැර ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය සම සමව බෙදාගත යුතු බවද අධ්‍යාපනය කෘෂිකාර්මික, ධීවර, කර්මාන්ත, පශු සම්පත් සංස්‌කෘතික සහ දෙස්‌ විදෙස්‌ මූල්‍ය, බලතල ද තමන්ට අවශ්‍ය බව ද උතුර නැගෙනහිරට සෘජු විදේශ ආයෝජනයන් අවශ්‍ය බවද ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

මේ ඉල්ලීම්වලින් පිළිබිඹු වන්නේ වෙනම රටකට අවශ්‍ය ක්‍රම වේදයයි.

එසේම ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලන හිමිකමකට අයිතියක්‌ ඇති බවද කියා සිටී. ඉතා සැලසුම් සහගත ලෙස කෙටුම්පත් කළ මෙම ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රකාශනයේ තවදුරටත් සඳහන් වන කරුණු පිළිබඳව නිරීක්‍ෂණය කරන විට පෙඩරල් පාලනයක්‌ ඉල්ලන මුවාවෙන් ද්‍රවිඩ සංධානය ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණ ප්‍රකාශනය කොටින්ගේ අන්තර්වාර පාලනයට සමානය.

2015 ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රකාශනයෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසද ඉල්ලීමක්‌ කර ඇත. ප්‍රභාකරන් උතුර නැගෙනහිර බන්දේසියක තබා ඉල්ලුවේය. දැන් ද්‍රවිඩ සංධානයද එම ඉල්ලීම කර තිබේ. අපේ සෙබළුන් 6000 කට අධික සංඛ්‍යාවක්‌ උතුරේදී දිවි පිදුවේ සම්බන්ධන්ලාට ශ්‍රී ලංකාවේ සම තත්ත්වය ලබා දීමටද? මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේදී නවදිල්ලියේ සිට කමාන්ඩෝ භට පිරිසක්‌ එවීම සඳහා මහාරාෂ්ට්‍ර මහ ඇමැතිගෙන් අවසර ගැනීමට නවදිල්ලි බලධාරීන්ට සිදු විය.

උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල දුන්නොත් ශ්‍රී ලංකා පොලිසිය කැබැලි බවට පත්වෙයි. ත්‍රස්‌ත ක්‍රියාවන් ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රහස්‌ පොලිසියට පලාලි ගුවන් තොටුපළින් එළියට බැසීමට මහ ඇමැති විග්නේශ්වරන්ගේ අවසරය ලබා ගැනීමට සිදු වෙයි.

ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මෙම ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රකාශනය හඳුන්වා ඇත්තේ කාල බෝම්බයක්‌ ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පවා වෙනස්‌ කරන ලෙස ඉල්ලා සිටින ද්‍රවිඩ සංධානයේ යටි අරමුණු තේරුම් ගත යුතුව ඇත. වන්නි මෙහෙයුමේ හමුදා නායකයන් අන්තර් ජාතික යුද අධිකරණය වෙත ගෙන යැමට උත්සාහ කරන ද්‍රවිඩ සංධානය රටේ බහුතරයෙන් සිය බෙදුම්වාදී ඉල්ලීම් ලබාගැනීමට උත්සාහ කරයි.

"අපි එක්‌සත් ජාතීන්ගේ දොරකඩ අසලට පැමිණියෙමු" යෑයි ද්‍රවිඩ සංධානය පවසා ඇත්තේ සිය ඉල්ලීම් එකී සංවිධානය ලවා ලබාගැනීමේ අරමුණෙනි.

ලන්ඩන් නුවරදී දේශනයක්‌ පැවැත්වූ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් තිම්පු සම්මුතිය හෙවත් ස්‌වයංපාලනය මත දේශපාලන විසඳුම අවශ්‍ය යෑයි පවසා තිබුණි.

මේ පසුබිම මත එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රහස්‌ ලියවිල්ලක්‌ චැනල් ෙµda රූපවාහිනිය සොරාගෙන තිබුණි.

එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයේ පාර්ශවකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව බවයි.

මෙය යුද අපරාධ කළවුන් දේශීය පරීක්‍ෂණයකට සම්බන්ධ කර ගැනීමක්‌ නොවන්නේද?

No comments:

Post a Comment