යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන 15 ක් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසෙන්ට හදිසි පෙත්සමක් යවා ඇත.

මෙම දේශීය යාන්ත්‍රණය පිළි ගන්නේ නැතැයි එකී සංවිධාන පවසා තිබේ. මෙම දේශීය යාන්ත්‍රණය වන්නි මෙහෙයුම නිසා විපතට පත් වූවන්ද සහභාගී කර ගත යුතු බව එකී සංවිධාන මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා තිබේ.
එහෙත් ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසූවේ හිටපු කොටි ක්‍රියාකාරීන් මෙකී දේශීය යාන්ත්‍රණයට සම්බන්ධ කර ගැනීම විහිළුවක් බවයි.
ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ මෙහෙය වන ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම්ද මෙකී දේශීය යාන්ත්‍රණයට එරෙහි වී ඇත.
No comments:
Post a Comment