Sunday 12 July 2015

කුණුවෙන කොළඹ


 පාවෙන වෙළෙඳපළ වේලෙනවා
 රාත්‍රියට ගණිකා මඩමක්‌ කුඩු තිප්පොලක්‌
හරස්‌ වීදි යළිත් පේව්මන්ට්‌ වෙළෙන්දන් අතේ
හැඩ වෙමින් තිබුණු පිටකොටුව ආයෙමත් කැත වෙලාය. තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. ඒ මතින් වහනය වන දුගඳට බඩේ තියෙන කෑම එළියට එන තරම්ය. අමුතුම පිළී ගඳකි. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය පෙනෙන විට නම් හදවත කම්පනයට පත්වන්නේය. පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදි දිගට වැටී ඇත. වීදි දිගේ යන මිනිසුන්ට නැවතත් තට්‌ටු බට්‌ටු වැටෙන්න පටන්ගෙනය. විසිතුරු ගඩොලින් හැඩ වැඩ වූ පේව්මන්ට එක දිගටත් කුණු රොඩුය. ආයෙමත් කොළඹ නරගය ආපයට වැටෙන මාවත එළිපෙහෙළි වෙමින් තිබෙන්නේය. අපි ඒ මාවත දිගේ පසුගිය දිනක පිටකොටුවේ ඇවිද ගියෙමු.
ප්‍රධාන මාර්ගය දෙපසට වෙළෙඳාම් ලෑලි ගෑටුවේ නැති වුවද හරස්‌ මාර්ග කිහිපයකම එනම් පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව් වැනි අතුරු මාර්ගවල පේව්මන්ට්‌ වෙළෙඳාම සරුවට කෙරේ. වෙළෙඳුන්ගේ කෑගැසීමට සහ 'ට්‍රැපික්‌' එකේ රූටන වාහනවල නලා ශබ්දයත් සමග විදීය එකම ගාලගෝට්‌ටියකි. ළඟ එන රාමසාන් අවුරුද්දට බඩු භාණ්‌ඩ ගැනීමට පැමිණි අයගෙන් මෙන්ම විවිධ පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳාම් ලෑලි වැසී ගොස්‌ය. අපි පළමු හරස්‌ වීදියේ රෙදි තට්‌ටුවක්‌ අසල නතර වීමු.
''කොහොමද බිස්‌නස්‌'' පදික වෙළෙන්දෙකුගෙන් අපි එසේ ඇසුවෙමු.https://www.facebook.com/Lankawaynews/posts/1054204094603277:0 

No comments:

Post a Comment