Sunday 26 July 2015

යහපාලන ආණ්ඩුව සහ එතනෝල් හොරු



මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී මෙරටට වසරකට ආනයනය කළ එතනෝල් ප‍්‍රමාණය වත්මන් රජය මාස 6ක් තුළ ආනයනය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ මෙවර ජාතික ලැයිස්තු අපේක්‍ෂක ඩිලාන් පෙරේරා මහතා විපක්‍ෂනායක කාර්යාලයේ දී අද(26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘‘එතනෝල්කාරයින් ගැන කියමින් මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරන රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එතනෝල් විරෝධී ආණ්ඩුවේ කටයුතු කෙරෙන්නේ එහෙමයි. වත්මන් ආණ්ඩුවේ දින 100 බොරු 100ක් වෙලා. එතනෝල්කාරයින් ගැන කියමින් එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරනවා. 2013 දී අපේ රටට එතනෝල් ලීටර් මිලියන 10.5 ක් ගෙන්වා තිබෙනවා. 2014 දී එතනෝල් ලීටර් මිලියන 13.4ක් ගෙන්වලා. 2015 දී මුල් මාස 6ට පමණක් ගෙන්වා ඇති ප‍්‍රමාණය එතනෝල් ලීටර් මිලියන 11.28ක්. කවුද වැඩිපුර එතනෝල් ගෙන්වා ඇත්තේ කියා මෙයින් පැහැදිලි වෙනවා. අපේ කාලයේ වසරකදී ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය මේ අය මාස 6කදී ගෙන්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි කෙනා අගමැතිධූරයට පත් කළ යුතුයි. අපේ ජනාධිපතිතුමා ඒ නීතියට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම දෙන බව අපිට විශ්වාසයි‘ යැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එයට එක්විය.

No comments:

Post a Comment