Sunday 26 July 2015

දෙමළ ජනතා සන්ධානයේ නායකයෝ සියදිවි හානි කර ගත යුතුයි


සිංහල දිසාපතිලා එපා කියන සිංහල ආණ්‌ඩුකාරයෝ එපා කියන හමුදාව එපා කියන දෙමළ ජනතා සන්ධානය 2010 දී මොකද කළේ ජෙනරාල් සරත්  පොන්සේකාට ඡන්දය දෙන්න කිව්වා. මොකක්‌ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය කාවද මේ රවට්‌ටන්නේ. ඔවුන් රවට්‌ටන්නේ සමස්‌ත දෙමළ ජනතාවයි. එතකොට මම ද දෙමළ ජාතියේ ද්‍රෝහියා හතුරා දෙමළ ජාතික සන්ධානයද? 
ඔවුන් මේ විදිහට දෙමළ ජනතාවත් එක්‌ක සෙල්ලම් කරලා තමයි ඔවුන් සැපවිඳින්නේ පක්‍ෂයක්‌ විදිහට ඔවුන් තාන්න මාන්න අරගෙන සල්ලි අරගෙන දෙමළ ජනතාව මුලා කරනවා . පක්‍ෂයක්‌ විදිහට ඔවුන් ලැඡ්ජා වෙන්න ඕනේ. මම නම් කියන්නේ දෙමළ ජනතා සන්ධානයේ නායකයෝ තමන් විසින්ම සියදිවි හානිs කර ගෙන මැරෙන්න ඕනේ. දෙමළ ජනතාවට කළ මේ ද්‍රෝහිකමට වන්දි ගෙවන්න.

"ඇයි මේ රට බෙදන්න ඕනේ කියලා කවුරු හරි ඉල්ලන්නේ. රට බෙදුවොත් මිනිස්‌සුන් බෙදෙනවා. ඉස්‌සර වෙලාම දෙමළ සිංහල කියලා බෙදෙයි. ඊට පස්‌සෙ මුස්‌ලිම් කියලා බෙදෙයි. මම ඒaකට කැමැති නෑ. සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව රටේ සහෝදරයෝ වගේ එකට ඉන්න ඕනේ. මේක එකම රටක්‌ වෙන්න ඕනේ.

ඉන්දියාවෙ කියන විදිහට මේ රටේ බලය බෙදන්න පුළුවන්. ඕනෙ නම් ඊට වඩා වෙනස්‌ පිළිගත් ක්‍රමයක්‌ හොයන්න පුළුවන්. බෙදන්න ඕනේ රටවත් මිනිස්‌සුවත් නෙමෙයි පාලනය, බලය කියන එකය බෙදන්න ඕනේ.

ප්‍රභාකරන්ගේ තුවක්‌කුවේ බලයට එරෙහි වන්නට එදා කිසිවෙකුත් උත්සාහ කළේ නැත. එහෙත් ප්‍රභාකරන්ට ලිපි පහළොවක්‌ම ලියමින් ඔහුගේ කෲර පාලනය අභියෝගයට ලක්‌ කළ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා ප්‍රභාකරන්ගේ වෙඩි උණ්‌ඩයෙන් බේරුණේය.ඔහු ප්‍රභාකරන්ට බියෙන් හැංගුණේaද නැත. එල්. ටී. ටී. ඊ. යේ වැරදි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන්ද නැවතුණේ නැත. 

No comments:

Post a Comment