Wednesday 22 July 2015

රනිල් යාපනයේ ගිහින් දින ගණන් නවතින්නේ මම රට නිදහස්‌ කරදුන් නිසයි.

මම බොරු කියන්නේ නැහැ. කොටින්ගෙන් රට නිදහස්‌ කරදෙන බවට පොරොන්දුවක්‌ දුන්නා. මම ඒ පොරොන්දුව ඉටු කළා. අද රනිල් යාපනයේ ගිහින් දින ගණන් නැවතිලා ඉඳලා එනවා. ඒ මම නිදහස්‌ කරදුන් රට නිසයි. නමුත් ඒ දේ කරලා දුන්නේ කවුද කියා රනිල් කියන්නේ නැහැ. රනිල් කරන්නේ මට හොරා කියා බැනීම පමණයි. බැංකු හොරකමින් හොරකම් කළේ කවුද කියලා අද මුළු රටම දන්නවා. මට හොරා කියා රනිල් ආණ්‌ඩුවේ හොරු තවම රජකරනවා. රවි කරුණානායක විනාශ කරපු ස.තො.ස., රක්‍ෂණ සංස්‌ථාව බේරා ගත්තේ මම. ඒවා හොරකම් වශයෙන් පිළිගන්න රනිල් කැමති නැහැ. දින සියයට හොරකම මෙහෙම නම් අවුරුදු පහකට දුන්නොත් කොහොම කරාවිද?



රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන තේ ආර්ථිකය නංවාලන බවට ජනතාවට බොරු පොරොන්දු දෙමින්, ජනතාව මුලා කරමින් දින සීයේ ආර්ථිකයක්‌ ඉදිරිපත් කළ මේ සුළුතර ආණ්‌ඩුව මේ වනවිට රටේ ආර්ථිකය විනාශ කරලා. ලබන 18 වැනිදාට මේ රටේ බලය පිහිටුවන එක්‌සත් නිදහස්‌ සන්ධාන රජය මගින් කුඩා තේ වතු හිමියාගේ තේ දලු කිලෝ එකකට රු. අනූවක්‌ (90/-) ගෙවීමට කටයුතු කරනවා.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මැතිවරණ අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප්‍රකාශය කළේ බද්දේගම, යක්‌කලමුල්ල නගරයේ පෙරේදා (20 දා) පැවැති මහජන රැලියක්‌ අමතමිනි. දසදහසකට අධික ජනතාවක්‌ මහා අනෝරා වැස්‌සට තෙමෙමින් මෙම නායකයාට සවන්දීම සඳහා නොසෙල්වී බලා සිටීම අතිවිශේෂ සිද්ධියක්‌ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා කාල්ටන්වලට මැදමුලනට එක්‌වරක්‌ නොව දසවරක්‌ පැමිණි ජනතාවක්‌ යක්‌කලමුල්ලේ ඉන්නේ, මම මගේ ගෞරවය මේ අවස්‌ථාවේ ඔවුන්ට පුද කරනවා.

අද මාධ්‍ය උදේ සිට හැන්දැවන තුරුම හොරා, හොරා කියමින් මට බනිනවා. යූ.ඇන්.පියට එකතු වී ඇති සියලු දෙනාම මන්ත්‍රයක්‌ වගේ ජප කරන්නේ හොරා. මමත් අනික්‌ අය වගේ ලංකාවේ පුරවැසියෙක්‌. පුරවැසියෙකුට හිමි ඡන්ද බලය මටත් හිමියි. ඒ අනුව මමත් ඡන්දය ඉල්ලුවා. මමත් අනිත් අපේක්‍ෂකයන් වගේ එක්‌ අපේක්‍ෂකයෙක්‌ පමණයි. දැන් අනෙක්‌ අපේක්‍ෂකයන් තමන් තරග කරන ප්‍රදේශයේ ජනතාව අමතා තම ජයග්‍රහණය උදෙසා කටයුතු කරන්නේ නැතිව මහින්දට බැනීම පමණයි. සියලු දෙනාටම තිබෙන්නේ මහින්ද භීතිකාවක්‌, යූ.ඇන්.පිය මේ වන විට පරාජය භාරගෙන හමාරයි.

රනිල් කියනවා සන්ධානයෙන් කට්‌ටිය අරන් ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව මුක්‌කු ගහන්න අප ආණ්‌ඩු පිහිටුවන්නේ නැහැ. මම අවුරුදු 14ට ගත්ත ණය මේ අය දින සියයට අරගෙන. නමුත් මේ ණය වලින් කරපු දෙයක්‌ නැහැ. මම ගත් ණය ගම්වල සංවර්ධනයට යෙදෙව්වා. අද මම ආරම්භ කර තිබූ ව්‍යාපෘති 58,000 ක්‌ නවත්වලා. ප්‍රධාන ව්‍යාපෘති, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, රෝහල්, ක්‍රීඩා භූමි, වෙළෙඳපොළවල් මේ අතර වෙනවා. දින සියයට රට සංවර්ධනය කළා කියන්නේ මේකටද?

අප ආරම්භ කරන ලද අධිවේගී මාර්ග අපේ සැලසුම්වලට වඩා අඩුවෙන් කරනවා කියල පුරසාරම් ගහනවා. අපේ සැලසුම්වල තිබූ මංතීරු හය හතරට අඩු කරලා. මුදල් අඩු කළා කියා පට්‌ටපල් බොරු කියනවා. ලක්‍ෂ 15 කට රැකියා නැති කරලා මේ නිසා අද රැකියා නැතිවුණ අය පාරට වැටිලා. ඔවුන් අරගෙන තිබුණු ත්‍රීවීලර්, යතුරුපැදි, රූපවාහිනී, ගෘහ භාණ්‌ඩ ඒ, ඒ වෙළෙඳ ආයතනවලින් ආපසු ගෙනයනවා. රැකියා නැති නිසා මේ අසරණ ජනතාවට ඒවායේ වාරික ගෙවන්න ආදායම් මාර්ගයක්‌ නැහැ. යහපාලනය කියන්නේ මේකද?

අපි හදපු හයිවේ එක පෙන්නලා තුන්පාරක්‌ ණය අරගෙන. ජපානයෙන් යෙන් මිලියන 650 ක්‌ අරගෙන මොවුන් කෘෂි ආර්ථිකයට තැනක්‌ දෙන්නේ නැහැ. වී කිලෝවකට රු. 50 ක්‌ ලබාදෙන බව කීවා. අද වී කිලෝවක්‌ අලෙවි කරන්නේ රුපියල් විසිපහ ගණනේ. රබර් කිලෝවකට රුපියල් තුන්සියයක්‌ දෙන බව කීවා. රබර් කිලෝව රුපියල් එකසිය පනහට බැහැලා. දැන් කිලෝ එකකට රුපියල් අසූවක්‌ ගෙවන බව පැවසුවා. දලු කිලෝව රුපියල් පනස්‌ අටට බැහැලා කුඩා තේ වතු හිමියන්ට යන එන මං නැතිව ඉන්නව. ලබන 18 දා පිහිටුවන අපේ රජයෙන් දලු කිලෝ එකකට රුපියල් අනූවක්‌ ලබා දෙනවා.

මම බොරු කියන්නේ නැහැ. කොටින්ගෙන් රට නිදහස්‌ කරදෙන බවට පොරොන්දුවක්‌ දුන්නා. මම ඒ පොරොන්දුව ඉටු කළා. අද රනිල් යාපනයේ ගිහින් දින ගණන් නැවතිලා ඉඳලා එනවා. ඒ මම නිදහස්‌ කරදුන් රට නිසයි. නමුත් ඒ දේ කරලා දුන්නේ කවුද කියා රනිල් කියන්නේ නැහැ. රනිල් කරන්නේ මට හොරා කියා බැනීම පමණයි. බැංකු හොරකමින් හොරකම් කළේ කවුද කියලා අද මුළු රටම දන්නවා. මට හොරා කියා රනිල් ආණ්‌ඩුවේ හොරු තවම රජකරනවා. රවි කරුණානායක විනාශ කරපු ස.තො.ස., රක්‍ෂණ සංස්‌ථාව බේරා ගත්තේ මම. ඒවා හොරකම් වශයෙන් පිළිගන්න රනිල් කැමති නැහැ. දින සියයට හොරකම මෙහෙම නම් අවුරුදු පහකට දුන්නොත් කොහොම කරාවිද?

අද යූ.ඇන්.පිය මට විරුද්ධව ප්‍රභාකරන්ගේ මස්‌සිනා කුරුණෑගලට මැතිවරණයට ඉදිරිපත් කරලා. මොවුන් දිනවලා රනිල් සූදානම් වෙන්නේ නැවත වරක්‌ රට බෙදන්න. අපට රටක්‌ ඕන. අපේ දරුවන්ට ජීවත්වෙන්න රටක්‌ හදලා තියන්න අපට වගකීමක්‌ තිබෙනවා. මම එය කළා. මම හදපු රට විනාශ කරන්න රනිල්ට ඉඩදෙන්න බැහැ. මම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. උතුරට, නැගෙනහිරට මැතිවරණ තිබ්බා. එහෙම කරලා මම ඉල්ලාගෙන කෑවා.

රනිල් මේ වනවිට රටේ රැකියා ලක්‍ෂ එකහමාරක්‌ නැතිකරලා. මම ලබන 18 දායින් පසුව වසරක්‌ තුළ රැකියා ලක්‍ෂ එකහමාරක්‌ උත්පාදනය කරනවා. දරුවන්ට පාසල් යන්න රු, 5000 බැගින් ලබාදෙනවා. මේවා අපි කරන්න සූදානම් කරලා තිබුණා. නමුත් ජනතාව යහපාලනයට රැවටිලා මම පරාජය කළා. නමුත් අද එහි ප්‍රතිඵලය ජනතාවටම තේරිලා. ජනතාව දුක්‌වෙනවා. ඒ නිසා ජනතාව මගේ පසු පසින් පැමිණ නැවත ඉල්ලා සිටිනවා රට බේරා ගන්නා ලෙස. ජනතාවගේ ඒ ආරාධනය අනුවයි මම මැතිවරණයට ඉදිරිපත් වුණේ.

හිටපු ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්‌කාර මහතා - "අද මේ රජයට තිබෙන්නේ මහින්ද භීතිකාව. රජයට පමණක්‌ නොවෙයි ඇමරිකා, එංගලන්ත, කැනඩා, නෝර්වේ තානාපතිවරුන් මෛත්‍රී ළඟ ඉඳගෙන බලපෑම් කරනවා. අනෙක්‌ පැත්තෙන් චන්ද්‍රිකා බලපෑම් කරනවා. මෛත්‍රී මේවට යටවෙලා. සම ලිංගික පනතට අත් උස්‌සපු මේ රජය නැවත බලයට ආවොත් සමලිංගික විවාහ මේ රටෙත් නීතිගත කරනවා. රනිල්, රනිල්ගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානී, විදේශ ඇමැති එකතුවෙලා තමයි මේක කළේ. ඒ ගොල්ලන් මේකට කැමතියි".

මම මහින්ද සමඟ එකතුවුණේ ඔහුගේ ප්‍රතිපත්ති දේශපාලනයට ගරු කරලා. මම නැවත කවදාවත් එජාපයට යන්නේ නැහැ. රට බෙදන ප්‍රතිපත්ති, රට පාවාදෙන ප්‍රතිපත්ති, රටේ සම්පත් විකුණන ප්‍රතිපත්ති තමයි එ.ජා.ප.ය තුළ තිබෙන්නේ. මට මහින්ද, මෛත්‍රී කියල දෙකක්‌ නෑ. මහින්ද පමණයි. ඉදිරියේ පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්න මහින්ද සමඟ ඉන්න අය පමණක්‌ පාර්ලිමේන්තුවට යවන්න කියා මම ජනතාවට කියනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධාන අපේක්‌ෂක බද්දේගම සමිත හිමිපාණෝ

නපුංසකයෙක්‌ ජයටම මඟුල් කාල මධුසමය ගත 1ආණ්‌ඩුවක්‌. අවශ්‍ය දේ කරන්න බලය නැහැ. බහුතරය පැත්තකට දාලා සුළුතරය බලයට පත්කරලා පතෝලයෙක්‌ අගමැතිකමට පත්කළා. මේකා කොහේ හිටපු කැරපොතු ලංසියෙක්‌ද දන්නේ නැහැ.

හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ පැරදුණේ රනිල්ලා, චන්ද්‍රිකා, මංගලලා, මෛත්‍රී රෝ සංවිධානය, ඇමරිකන් සීඅයිඒ එක හා බටහිර බලවතුන් සමග එකතු වී කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ නිසා. අද අයි. එස්‌. ඒ. සටන් කාමීන් ලොව රටවල් නතුකර ගනිමින් සිටිනවා. ලිබියාව, ඉරාකය, තායිලන්තය මෙයට උදාහරණයි. බටහිර බලවතුන්ට අවශ්‍ය විදියටයි රටවල් පාලනය කිරීමට යන්නේ. ලංකාවේත් මේ තත්ත්වය ටිකෙන් ටික සිදුවෙමින් පවතිනවා. මහින්ද නිදහස්‌ කරගත් රට දැන් ආ පස්‌සට ගෙන යන්න මේ රජය කටයුතු කරනවා. යහපාලනයේ වෙනස මේකයි.

රාජපක්‌ෂ රෙජීමය කියා රනිල් මහින්දට අපහාස කරනවා. මහින්ද ඒකාධිපතියෙක්‌ කියා කියනවා. එහෙමනම් මහින්ද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වූයේ කෙසේද කියා අපි රනිල්ගෙන් අහනවා. රාජපක්‌ෂ රෙජීමය වළදා දමන්න කටයුතු කරන බව රනිල් කියනවා. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයක්‌. මහින්ද මහතාගේ ජීවිතයට තර්ජනයක්‌. මේ ප්‍රකාශය ගැන පොලිසිය නිහඬයි. ප්‍රභාකරන් මරන්න එපා කියල මුළු ලෝකයම මහින්දට බලපෑම් කරද්දී මහින්ද මිනීමරු ත්‍රස්‌තවාදියාගෙන් රට බේරා ගත්තා.

එදා චන්ද්‍රිකා මහින්දට විපක්‌ෂ නායකකම දෙන්න බැහැ කිව්වා. අගමැතිකම දෙන්න බැහැ කිව්වා. නමුත් අපගේ සටන් හමුවේ චන්ද්‍රිකාට ඒවා කරන්න බැරිවුණා. ඉදිරියටත් මහින්දට ඒ වගේ දෙයක්‌ ආවොත් අප ජනතාව සමග පාරට බැහැලා සටන් කරනවා. අපි අද මෛත්‍රීපාල කියනවා. ඉදිරියට අපි ඒ නම වෙනස්‌ කරලා මෛත්‍රී පල පල කියා කියනවා. එදා ෙ-. ආර්. මුත්තා පොරොන්දු වුණා ඇට අටක්‌ දෙනවා කියා. දුන්නද? ඒ මුත්තාගේ මුණුපුරා තමයි රනිල්.

හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා - මහින්දට හොරා හොරා කියපු රනිල්ගේ හොර නඩය මහ දවල් මහ බැංකුව මංකොල්ල කෑවා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා කියපු රනිල් උසාවි ගිහින් ගිහින් මහජනතාවට තොරතුරු දැන ගැනීමට තිබූ අයිතිය අහෝසි කර දැම්මා. දරුවන්ගේ අනාගතය හදන්න කතා කරන රනිල් දරුවන්ගේ විභාගයක්‌ හමුවේ මැතිවරණයක්‌ පැවැත්වීමට කටයුතු කළා. මේක කළේ හොර නඩයේ හොරකම් වහගන්නයි.

රට විනාශ කළ එල්ටීටීඊ එකට වරප්‍රසාද දෙන ආණ්‌ඩුව රට බේරාගත් රණවිරුවන් සිරගත කළා. මුදල් ඇමැති කරුංකා විකුණන්න අවසර ලබාදෙන්න මිලියන විසිපහක්‌ අරගත් බවට ප්‍රචාරයක්‌ තිබෙනවා. එදා මහින්ද පරදවන්න බටහිර රටවල් නෝර්වේ මගින් බොදු බලසේනාවට පුහුණුවක්‌ දී පාරට දමා ඔවුන් මගින් මුස්‌ලිම් ජනතාවට හිරිහැර කරලා මුස්‌ලිම් ජනතාව මහින්ද සමග බේද කළා. මහින්ද පැරදුණ වෙලාවේ අඬපු ජනතාව අද සතුටු කඳුළු හෙළනවා. මොනයම් හෝ දූෂණයක්‌ නොකරපු මාව කුදලාගෙන යන්න බැරිව අද යූඇන්පීය අසරණ වෙලා.

හිටපු ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා - තුනට කැඩීමට ගිය ශ්‍රීලනිපය එකතු කළ ජනාධිපතිතුමාට අපි ගෞරව කරනවා. මෙම තත්ත්වය ඇති කිරීම සඳහා විපක්‌ෂ නායකතුමා, පක්‌ෂ ලේකම් තුමන්ලා ඉතාමත් ඉවසීමෙන් මධ්‍යස්‌ථව සිටිමින් අවසාන මොහොත දක්‌වාම සමගිය ඇති කරන්න කටයුතු කිරීම පක්‌ෂයේ අනෙක්‌ සියලු දෙනාටම ආදර්ශයක්‌.

පසුගිය මැතිවරණයේ මහින්දට ලැබුණ ලක්‌ෂ පනස්‌අට ගෙඩිය පිටින් එසේම තිබෙනවා. මෛත්‍රීපාල මහතාට ලැබුණු ඡන්දවලින් දෙමළ, මුස්‌ලිම්, ෙ-වීපී, හෙළඋරුමයට ලැබුණු ඡන්ද ඉවත් වුණාම එජාපයට ඉතිරිවන්නේ ලක්‌ෂ හතළිස්‌දෙකයි. රනිල් තමයි ලංකා ඉතිහාසයේ බිහි කළ අවාසනාවන්තම අගමැතිවරයා. ලබන මාසේ 18 දා මහින්ද අගමැති වෙනවා. රනිල් ගෙදර යනවා. එයා කවදාවත් නැවත අගමැති වන්නේ නැහැ.

හොරු, හොරු කියා අනුන්ට ඇඟිල්ල දික්‌කරන මේ රජය යහපාලනය තුළ කරපු මහාම වංචාව මහ බැංකු වංචාවයි. එජාපය නැවත බලයට ආවොත් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රක්‌ෂණ සංස්‌ථාව, වරාය, සිංහරාජ වනාන්තරය විකිණීම සඳහා දැනටමත් පිඹුරුපත් සකසා අවසානයි. මේවා රටේ සම්පත්. ඒවා බේරා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. අද මේ රජය රටේ සංවර්ධනය නවතා දමලා මහින්ද හදපුවා විවෘත කරමින් යනවා. විලිල-ජාව කියලා දෙයක්‌ නැහැ.

බැංකු කඩපු රනිල්, බටලන්දේ වධකාගාරයේ අපේ තරුණ තරුණියන් දහස්‌ ගණනකගේ ජීවිත විනාශ කළා. ත්‍රස්‌තවාදීන් සමග සන්ධානගතවී රණවිරුවන් දහස්‌ ගණනක්‌ ජාතියට අහිමි කළා. මේ තරම් විනාශයක්‌ කරපු රනිල් දැන් සුදන වෙන්න හදනවා. රනිල්ගේ පාර්ලිමේන්තු බලය තිබුණේ හතළිහකට. දැන් මේ අය අලිබබා සහ හොරු හතළිහ වෙලා. මීගමුවේ බැංකු කොල්ල කාපු මන්ත්‍රී අද එජාප අපේක්‌ෂකයෙක්‌. ගුරුවරියක්‌ දණගස්‌සපු මන්ත්‍රීත් අපේක්‌ෂකයෙක්‌. මේක උන්ගේ යහපාලනය, මේ දුර්දාන්ත රජය පෙරළා දමන්න ලබන 17 දා මේ රටේ ජනතාව කටයුතු කරන බව ඒකාන්තයි.

හිටපු සුළු අපනයන භෝග නියෝජ්‍ය අමාත්‍ය අපේක්‌ෂක නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා - අද අපට මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ. පොලිසියෙන් තහංචි දමනවා. එජාපයට ඒවා නැහැ. අද මහින්ද මහතා දැකගන්න ආපු මේ මහා දැවැන්ත ජනතාව ආවේ කටකතා ප්‍රචාරක මාධ්‍යයෙන් පමණයි. ජනවාරි 08 දා මෛත්‍රී නටපු නාඩගම මොකක්‌ද? ශ්‍රීලනිප කැබිනට්‌ එක විසුරුවා යූඇන්පී කැබිනට්‌ එකක්‌ හැදුවා. අද එයාම කියනවා එයා නැටුවේ වැරදි නාඩගමක්‌ය කියා. දැන්නම් එයාට ඒක නිවැරදි කරගන්න වේලාව මදි. රටේ ජනතාව මහින්ද අගමැති කරන්න තීරණය කරලා ඉවරයි.

නව හෙළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා - රනිල් කරපු යුද්ධයක්‌ නැහැ. රටේ සංවර්ධනයකුත් නැහැ. යුද්ධය නැති කරන්න කටයුතු කළා කියා බොරුවට කෑ ගහනවා. මේ පිංගුත්තර අගමැති රෑට රෑට යුද්ධ කළේ සාගලයත් එක්‌කයි. ඒක මුළු රටම දන්නවා. හැමදාමත් ඔහු කළේ නපුංසක වැඩ. වෙලේ සුදාත් රනිල් අතර කිසිම වෙනසක්‌ නැහැ. දෙන්නම ජඩයෝ. මහින්දට වසර 14 කින් කරන්න බැරි දේ රනිල් මාස 06 න් කළා.

No comments:

Post a Comment