Wednesday 22 July 2015

රාජිතගේ තවත් ගොන්කමක්- යුරෝපා තහනමෙන් කෝටි 1000ක් අහිමිවෙලා


ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ මහත්මිය අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
 මෙරට ධීවර යාත්‍රාවන් ජාත්‍යන්තර මුහුදු සීමාවන් සම්බන්ධයෙන් වන අධීක්ෂණය, පාලනය, නිරීක්ෂණය සහ නෛතික යන අංශවලට අදාළව කටයුතු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ජනවාරි 14 වැනිදා මෙම තහනම පැනවිණි.තහනම ඉවත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන අධ්‍යයනයට හා සාකච්ඡාවට එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබරයේදී ලංකාවට පැමිණීමටද නියමිත බව ඇය කීවාය.



No comments:

Post a Comment