Tuesday 14 July 2015

මෛත්‍රී ලොකුම පාවාදීම කළා! හොරු එළවන්න ආපු රනිල් ලොකුම හොරකම සිදුකළා!



සමහරු නාහෙන් අඬනවා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ලොකුම පාවාදීම කළා. ඒත් මේ රට ඒ තත්ත්වයට පත් කරන්න මේ අය ම දායක වුණා. සමහරු හිතුවා රනිල් මහත්තයාගේ කොණ්‌ඩේ පැහුණාම පරිණතවෙලා කියා. ඒත් එතුමාගේ ධනේෂ්වර සිතුවිලි රදල පාලනය වෙනස්‌ වුණේ නෑ. රටේ ලොකු අර්බුදයක්‌ වර්තමානයේ පවතිනවා. සියලු දෙනාම දැන් එහි ගිලී සිටිනවා යෑයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ එම පෙරමුණේ මැතිවරණ කටයුතු වෙනුවෙන් මහරගම නගර මධ්‍යයේ පැවැති ප්‍රථම රැස්‌වීමට සහභාගි වෙමිනි. එහිදී ඒ මහතා තව දුරටත් මෙසේද පැවැසීය.

අපගේ ප්‍රථම රැස්‌වීම මේකයි. ලොකු අර්බුදයක්‌ දැන් පවතිනවා. කට්‌ටිය දැන් එහි ගිලිලා සිටිනවා.
අවසානෙදි ප්‍රශ්න අර්ථ දක්‌වන අය මේකයි විසඳුම කියා වෙනත් දේ පෙන්වා දුන්නා. හොරු අල්ලන්න ආ අයත් හොරුන් බවට පත් වුණා. දැන් සොරකමේ බෝලෙ රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවෙලා ලෝකයේ ලොකුම සොරකම එතුමා සිදු කරලා හොරු අල්ලන්න ආ අයගෙ කටවල් වැහිලා. වෙනසක්‌ කීවා. කෝ එන වෙනස පහළ පාන්තික ජනතාවගෙ ආර්ථිකය යටටම බැහැලා. රෝහලකට ගියොත් ඇඳක්‌ නෑ. ඇඳන් යට නිදාගන්න වෙලා. රජයේ රෝහල් තුළත් සැත්කම් කරන්න මුදල් අයකරනවා.

අධ්‍යාපනයට කළ දේ ඔබ දන්නවා. සියයට හයක්‌ වෙන් කරනවා කීවා. ඒත් සියයට එකයි දශම දෙකයි වැඩි කළේ. මේවාට කට්‌ටිය අත ඉස්‌සුවා. ජ.වි.පෙ. එක ඇඟ බේරගන්න කැන්ටිමට වෙලා තේ බිබී හිටියා. ඒ වෙලාවෙ එහෙම කරල දැන් කියනවා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වැඩි දෙනෙක්‌ පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා.

No comments:

Post a Comment