Tuesday 28 July 2015

ගස් වටේ ලව් කර වැඩ වැරදේ



යාපනේ මල්වතු නැහැ. කැරකි කැරකී නටන්න මල් වතු නෑ. බලන්න සෙනසුරාදා, ඉරිදා දවස්‌වලට වි හාර මහාදේවි උද්‍යානයේ ගාලු මුවදොර ප්‍රවේශ පත්‍ර ඉවරයි. හවුස්‌ පුල් උදේ 7.00 වන විට මේ තත්ත්වය බලන්න පුළුවන්. එක ගහයට ජෝඩු හතයි අටයි. මොනතරම් එකගහක්‌ යට හිරවෙලා ඉන්නවද කිව්වොත් දවසක්‌ පිරිමි ළමයෙක්‌ තමන්ගෙ යාලු ළමයට කියල චොකලට්‌ එක කවල තියෙන්නෙ වෙන ළමයෙකුට. මල්වතුවල ඒ තරම් තද බදේ.

අද බොහෝ තැන්වල පිරිමි සහභාගිත්වය අඩුයි. මෙතන වුණත් බලන්න පුතාලට වැඩිය ඉන්නෙ දුවල. හැමතැනම එහෙමයි. පෞද්ගලික බැංකු බලන්න සේරම ගැහැනු අය. පෞද්ගලික රෝහල් ගත්තත් ඒ තත්ත්වය දුවලට වඩා මේ හැම තැනකම පුතාලගෙ අඩුවක්‌ පේනවා. පිරිමි අය ලෙඩ වෙලා ගැහැනු අය බෙහෙත් දෙනවා. අද බලන්න සිංහල, මුස්‌ලිම්, පිරිමි අය ඉගෙන ගන්නේ නැහැ.


යාපනේ දරුවන් ත්‍රස්‌තවාදීන් නොවෙයි. යාපනේ දරුවන් හොඳට ඉගෙන ගන්නවා. අපි ඔවුන්ගේ දෙමව්පියන්ට සුබ පැතිය යුතුයි. මෙහේ දරුවෝ අධ්‍යාපනයේ නැණනුවනින් බුද්ධියෙන් පත පොතේ දැනුමින් දැන් ටිකෙන් ටික දකුණට එන්න අරන්.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වැල්ලවාය මහින්ද රාජපක්‍ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පාසල් දරුවන් සඳහා පැවැති අධ්‍යාපනය, සදාචාරය සහ සාර ධර්ම මැයෙන් පැවැති සම්මන්ත්‍රණයක ආරාධිත දේශනය පවත්වමිනි.

මෙම වැඩ සටහන වැල්ලවාය නැණ සවිය පදනම මගින් සංවිධානය කර තිබුණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌ වූ ඒ මහතා මෙසේද පැවැසීය.

මම මුලින් කිව්ව වගේ ක්‌ලේමෝ මෙන්ම තුවක්‌කු පැත්තකට දාල මේ අය තව වසර 10 ක්‌ ගත වෙන්න ඉස්‌සර වෙලා අධ්‍යාපනය අල්ල ගන්නව අනිවාර්යයෙන්ම එදාට රටේ සියලුම රෝහල් දෙමළ වෛද්‍යවරුන්ගෙන් පිරේවි.

කතාවක්‌ තියෙනව සියලු හොඳ දේ දරුවන්ට කියලා. ඒත් අද සියලු නරකදේ දරුවන්ටයි. අද අසභ්‍ය වැඩකට නැති චිත්‍රපට වැහි වැහැලා. උමතු රෝගීන්ට දෙන බෙහෙත් පෙති ළමයින්ට විකුණන රටක්‌ නිර්මාණය වෙලා. රටකට 50% ක්‌ පිරිමි උගතුන් අවශ්‍යයි. දුවලා සම්බන්ධයෙන් අපි ආඩම්බර විය යුතුයි. පිරිමි දරුවන් අධ්‍යාපනය අතහැරීම ජාතික ප්‍රශ්නයක්‌. අග්‍ර විනිශ්චයකාරවරිය, අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ කොමසාරිස්‌වරිය මේ අය කාන්තාවන් ඉහළ පුටු හෙබවූ අය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙස බලන්න. ඒවායේ 60% ක්‌ රැකියා කරන්නේ දූ වරුන්. පාර්ලිමේන්තුවේ තත්ත්වය බලන්න එතැනට නම් මොළය එතරම් අවශ්‍ය තැනක්‌ නොවෙයිනෙ සාමාන්‍ය පෙළ සමත් 94 දෙනෙක්‌. 194 දෙනෙක්‌ සිටිනවාලු උසස්‌ පෙළ දැකලාවත් නැති. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. බලන්න ඉදිරි කාලයේදී මේ පාර්ලිමේන්තුවත් කාන්තාවන් අපේ දූවරුන් අල්ලනවාමයි පුතුන් මේවා හිතට ගන්න ඕනෑ.

තවත් කාලයක්‌ යද්දී ප්‍රසූත නිවාඩු දෙන්නෙ පුතාලට. සූප්පු දෙකක්‌ තියාගෙන බිරිඳ වැඩට ගිහින් එනතුරු දරුවො බලා ගන්න වෙයි. මම දන්නවා උඩුහාවර පොලිසියේ 80% ක්‌ කාන්තාවන් එය අලුත් දෙයක්‌.

මම හිතුවේ ආරක්‍ෂක අංශවල, පොලිසියේ වැඩිපුර ඉන්නේ පිරිමි කියලා. අද සමාජයේ කාන්තාවන් හිස ඔසවමින් සිටිනවා. බුද්ධිමත් පිරිමි රටට අවශ්‍ය වූවත් ඒ තත්ත්වය නැහැ. බුද්ධිමතුන් කියන්නේ වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පමණක්‌ නොවෙයි. ව්‍යාපාරිකයන්, පොලිස්‌ නිලධාරීන්, වෙළෙඳුන් මේ අයත් බුද්ධිමතුන් විය හැකියි.

පොලිසිය අධ්‍යාපනයෙන් උසස්‌. ඒ අය උසස්‌ අධ්‍යාපනයක්‌ නැත්නම් කොහොමද සූක්‍ෂම ලෙස හොරුන් අපරාධකරුවන් අල්ලා ගන්නේ. විමර්ශන කරන්නේ. මට දවසක්‌ විදේශිකයෙක්‌ කිව්වා ලංකාවේ පොලිසියෙ අය හිනා වෙනවා කියලා. ඉන්දියාවේ පොලිස්‌ නිලධාරීන් අතේ සෑම විටම පොල්ලක්‌ තියෙනවා. දිල්ලියෙ පොලිස්‌ නිලධාරීන් හරකුන්ට තලනව වගෙයි මිනිසුන්ට තලන්නෙ.

අද මේ රටේ ඉපදී සිටින දරුවන් වගේ බුද්ධිමත් අය කවදාවත් ඉපදී නැහැ. මොවුන්ට සියුම් හැකියාවක්‌ තිබෙනවා. මේ අයගේ ඇඟිලි තුඩු ඉතා සියුම්. අද ළමයින්ට ඇඟිලි තුඩකින් මුළු ලෝකයම එළියට ගැනීමේ කුසලතාවක්‌ තියෙනවා. අද පොඩි දරුවන් පවා අමුතුයි.

සමහරු කල්පනා කරන්නේ ශිෂ්‍යත්වය දක්‍ෂතා මනින එකම දෙය කියලයි. අධ්‍යාපනය කියන්නේ ශිෂ්‍යත්වය නොවෙයි. සදාචාරය, සාර ධර්ම, යහපත් ආකල්ප මේ සියල්ලම එක්‌විය යුතුයි.

දරුවන්ට පහර දිය යුතු නැහැ. දෙමව්පියන් දරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් පාලනය කරන්න ඒ අයට පහර දෙනවා. ඒ නිර්මාණ ශක්‌තිය එතුළින් මොටවෙනවා. දරුවන් බොරු කියනවා බොරුවක්‌ කියන්නත් නිර්මාණ ශක්‌තියක්‌ තිබිය යුතුයි. අයිසෙක්‌ නිව්ටන් ගසකින් වැටුණු ඇපල් ගෙඩියක්‌ දැක එය ප්‍රශ්න කර ඒ ගැන සිතා ගුරුත්වා කර්ෂණය සොයා ගත්තා. අපි ප්‍රශ්න කරන්නේ නැහැ. අසන විමසන ප්‍රශ්න කරන දරුවා බුද්ධිමත්.

No comments:

Post a Comment